වසර 13 ක අඛණ්ඩ අධ්‍යාපනයට : ඔපෙක්  ආධාර !

වසර 13 ක අඛණ්ඩ අධ්‍යාපනයට : ඔපෙක්  ආධාර !

රජය විසින් මෑතකදී හඳුන්වාදුන් වසර 13 ක අඛණ්ඩ අධ්‍යාපන ප්‍රතිපත්තිය යටතේ  අධ්‍යාපන ක්ශේත්‍රය තුළ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහ ගුරුවරුන් පුහුණුව සඳහා අවශ්‍ය නවීණ තාක්ෂණික යටිතල පහසුමක්  සැපයීම සඳහා අන්තර් ජාතික සංවර්ධනය සඳහා වූ ඔපෙක් අරමුදල (OFID) විසින් ඇ.ඩොලර් මිලියන 50 ක් ආධාර ලබාදී තිබේ.

මේ සඳහා වූ ණය ගිවිසුමට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතාද, අන්තර් ජාතික සංවර්ධනය සඳහා වන ඔපෙක්අරමුදල (OFID) වෙනුවෙන් එම අරමුදලෙහි අධ්‍යක්ෂ ජනරාල් සුලෙයිමන් ජේ. අල්-හර්බිෂ් (Suleiman J. Al- Herbish) මහතාද, 2018 ජූලි 03 වන දින ඔස්ට්‍රියාවේ වියානා නුවර පිහිටිඅන්තර් ජාතික සංවර්ධනය සඳහා වන ඔපෙක් (OFID) ආයතන මූලස්ථානයේදී අත්සන් තබන ලදී. 

මේ අනුව, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් උක්ත ව්‍යාපෘතිය මඟින් පාසල් සඳහා තාක්ෂණික විද්‍යාගාර ඉදිකිරීමට සහ ඒවාට අවශ්‍ය යන්ත්‍ර  උපකරණ සැපයීමට අපේක්ෂා කර ඇත. මෙම ව්‍යාපෘතියේ සමස්ථ පිරිවැය ඇ.ඩොලර් මිලියන 60.70කි. මෙම ව්‍යාපෘතියට සහය වීම සඳහා අන්තර් ජාතික සංවර්ධනය සඳහා වූ ඔපෙක් අරමුදල (OFID) විසින් ඇ.ඩොලර් මිලියන 50ක් සැපයීමට එකඟතාවය පලකර ඇත. ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අතිරේක අරමුදල වන ඇ.ඩොලර් මිලියන 10.70ක් ශ්‍රී ලංකා රජය විසින් දරනු ඇත.
 
පසුගිය දශක දෙකක කාලපරිච්ඡේදය තුල උපායක්‍රමිකව වැදගත් සංවර්ධන ව්‍යාපෘති ගනණාවක් ක්‍රියාත්මක කිරීම සඳහා මූල්‍යයසහායන් පිරිනමමින්අන්තර් ජාතික සංවර්ධනය සඳහා වූ ඔපෙක් අරමුදල (OFID) ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංවර්ධන පාර්ශවකරුවෙක් බවට පත්ව ඇත. වර්තමාන ණය මාලාව තුල, අන්තර් ජාතික සංවර්ධනය සඳහා වූ ඔපෙක් අරමුදල (OFID) මහාමාර්ග සහ වාරිමාර්ග යන ක්ෂේත්‍ර සඳහා අරමුදල් සම්පාදනය කරනු ලබයි.
 
අපගේ ශ්‍රම බලකාය වැඩ කරන ක්‍රමවේදය හා රටාවන්, හැකියාවන් සඳහා පවතින වෙනස්වන ඉල්ලුම සහ තාක්ෂණික පිබිදීම යන ද්විත්වසාධක මත වෙනස් වීමට බඳුන් වේ.මෙම තත්ත්වය තුල, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සහ නිපුණතා සංවර්ධන වැඩසටහන් නැගීඑන අවශ්‍යතාවලට අනුගත කිරීමට අවශ්‍ය වී ඇත. තාක්ෂණ සහ පර්යේෂණ යන ක්ෂේත්‍ර, අවශ්‍ය වෘත්තීය කුසලතා සැපයීම සඳහාඒකාබද්ධව දායකවනු ඇත.රජය විසින් මෑතකදී වසර 13 අනිවාර්ය අධ්‍යාපන ප්‍රතිපත්තිය හදුන්වා දෙන ලදී. ඒ අනුව, ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහ ගුරුවරුන් පුහුණුව සඳහා අවශ්‍ය නවීන තාක්ෂණයෙන් අනූන  යටිතල පහසුකම් සහ උපකරණ සැපයීම අනිවාර්ය වී ඇත.
 
මේ අනුව, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් උක්ත ව්‍යාපෘතිය මඟින් පාසල් සඳහා තාක්ෂණික විද්‍යාගාර ඉදිකිරීමට සහ ඒවාට අවශ්‍ය යන්ත්‍ර  උපකරණ සැපයීමට අපේක්ෂා කර ඇත. මෙම ව්‍යාපෘතියේ සමස්ථ පිරිවැය ඇ.ඩොලර් මිලියන 60.70කි. මෙම ව්‍යාපෘතියට සහය වීම සඳහා අන්තර් ජාතික සංවර්ධනය සඳහා වූ ඔපෙක් අරමුදල (OFID) විසින් ඇ.ඩොලර් මිලියන 50ක් සැපයීමට එකඟතාවය පලකර ඇත. ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අතිරේක අරමුදල වන ඇ.ඩොලර් මිලියන 10.70ක් ශ්‍රී ලංකා රජය විසින් දරනු ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න