කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය නාමල් ගමගේ ලබන සඳුදා (16) සිට හෘද සැත්කම් කටයුතුවලින් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට විශේෂඥ ශෛල්‍ය වෛද්‍යවරයා මෙම තීරණය ගෙන තිබෙන්නේ දිගුන් දිගටම දැනුවත් කළත් හෘද ශෛල්‍ය දැඩි සත්කාර ඒකකයේ මධ්‍යම වායු සමීකරණ පද්ධතිය අලූත්වැඩියා නොකිරීමට විරෝධය දැක්වීමක් වශයෙන්ය.
ඔහු ඒ බව රෝහල් අධ්‍යක්ෂවරයාට දැනුම්දී ඇති බවද වාර්තා වෙයි.
හෘද රෝගීන් සැත්කම්වලට භාජනය කිරීමෙන් අනතුරුව, රෝගීන් ඇතුළත් කෙරෙන්නේ මෙම දැඩි සත්කාර ඒකකයට වන අතර එලෙස ඇතුළත් කෙරෙන රෝගින් කිහිපදෙනෙකු පසුගිය සති කිහිපයේදීම විෂබීජ ශරීර ගතවීම නිසා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මෙම මධ්‍යම වායු සමීකරණ පද්ධතිය හේතුවෙන් බවද වාර්තා වෙයි.
මෙම මධ්‍යම වායු සමීකරණ පද්ධතිය මාරු කරන ලෙස විදුලිබල මණ්ඩලය රෝහල් බලධාරින්ට දැනුම්දී ඇත්තේ 2013 වසරේදී වන අතර නමුත් ඒ සඳහා ක්‍රියා නොකිරීම හේතුවෙන් 2015 වසරේ සිට මෙම මධ්‍යම වායු සමීකරණ පද්ධතිය සම්පූර්ණයෙන් අකර්මන්‍ය වී ඇත. පසුව එය යළි ස්ථාපිත කිරීම සඳහා තුන් වරක් ටෙන්ඩර් කැඳවා ඇති නමුත් මේ වන විටත් අවශ්‍ය කාර්ය සිදුව නැත.
එසේම පසුගිය සඳුදා හෘද සැත්කමකට භාජනය කළ රෝගියෙකු මේ වනවිටත් විෂ බීජ ශරිර ගත වීම හේතුවෙන් ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවද දැනගන්නට ඇත.
මේ අතර සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කර සිටින්නේ මෙම හෘද ශෛල්‍ය දැඩි සත්කාර ඒකකයේ මධ්‍යම වායු සමීකරණ පද්ධතිය යථාවත් කිරීම සඳහා වන අමාත්‍යාංශ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඉදිරි සතිය තුළ අවසන් කිරීමට හැකියාව ලැබෙනු ඇති බවය.
එහෙත් රෝහල් ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට නම් සෞඛ්‍ය අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ බලධාරින් දැනුම්වත් කිරීමට වෛද්‍ය නාමල් ගමගේ මෙන්ම, කරාපිටිය ශික්ෂණ රෝහලේ බලධාරින් කටයුතු කර ඇති අතර මෙතෙක් ඊට නිසි ප්‍රතිචාර ලැබී නැත.
කෙසේ වුවත් වැඩිම හෘද රෝගීන් සංඛ්‍යාවක් පොරොත්තු ලේඛණයේ සිටින්නේ ශෛල්‍ය වෛද්‍ය නාමල් ගමගේට වන අතර, රෝගීන් 3000 කට අධික ප්‍රමාණයක් කරාපිටිය ශික්ෂණ රෝහලේ එම ලේඛණයේ සිටියි.

