මරණ දඬුවම ක්‍රියාත්කම කිරීමට සහයදීම සඳහා තම බුද්ධිය තමන්ට ඉඩනොදෙන බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා සඳහන් කරයි.
පාර්ලිමේන්තුව හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කල අතර මරණ දඬුවම සම්බන්ධ කිසිම යෝජනාවකට තමන් එකඟ නොවන බවද එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත.
සියලු දෙනාව ජනතාව මන්ත්‍රීවරුන් ලෙස පත්කර එවා ඇත්තේ හැඟීම් අනුව කටයුතු කිරීමට නොවන බවත් ඒ වෙනුවට සාක්ෂි මත පදනම්ව බුද්ධිය මත කටයුතු කිරීමට සහ තීරණ ගැනීමට බවද ඔහු පෙන්වාදී ඇත.
එසේම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, ළමා අපචාරකරුවන් මෙන්ම මිනීමරුවන් සඳහා මරණය සැප වැඩි බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
තවද එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා "මරණ දඬුවම කියන්නේ අදක්ෂයින්ගේ තෝරාගැනීමක්, මරණ දඬුවම කියන්නේ ජනප්‍රියත්වයේ තෝරා ගැනීමක්,මරණ දඬුවම කියන්නේ බැරිකමේ ලක්ෂණයක්" බවද සඳහන් කර ඇත.

