වැලි ප්‍රවාහනය කරන සියලුම ටිපර් රථ නිරීක්ෂණය කිරීම සඳහා ඒවා ජී.එස්.පී. තාක්ෂණයට සම්බන්ධ කිරීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය තීරණය කොට තිබේ.
වැලි ප්‍රවාහනයේ දී සිදුවන සියලු අක්‍රමිකතා හා දූෂණ මැඬලීමට මෙම නව ක්‍රමවේදයෙන් හැකියාව ලැබෙනු ඇත.
එමෙන්ම විශේෂ කණ්ඩායමක් යොදවමින් බලපත්‍ර මඟින් ලබා දී ඇති වැලි කියුබ් ප්‍රමාණයට වඩා වැලි ගොඩදැමීම හා අක්‍රමවත් ලෙස වැලි ප්‍රවාහනය කිරීම නව ජී.පී.එස්. තාක්ෂණය මඟින් නිරීක්ෂණය කිරීම සඳහා එම කාර්යාංශය පියවර ගෙන තිබේ.
මෙම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම මාස කිහිපයක් තුළ ක්‍රියාත්මක කෙරෙන අතර ඉදිරියේදී ටිපර් රථ ජී.පී.එස්. තාක්ෂණ සබඳතා ලබා නොගන්නේ නම් වැලි ප්‍රවාහන බලපත්‍ර නිකුත් නොකරන බවත් කාර්යාංශය පවසයි.
මේ සඳහා නව තාක්ෂණය සම්බන්ධ කරගනිමින් භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සහ ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සමාගම අතර නව වැඩපිළිවෙලක් සකස් කිරීමට ඇති කරගනු ලැබූ අවබෝධතා ගිවිසුමට පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල සහ ටෙලිකොම් සභාපති කුමාරසිංහ සිරිසේන යන මහත්වරු ඊයේ (12) දින අත්සන් තබා ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
