බටහිරින් ණය ගැනීම නරකක් බව කියන රාජපක්ෂලා චීන ණය හොඳ බව කියන්නේ චීන ණය ගත්විට රාජපක්ෂලාගේ සාක්කු පිරෙන නිසා බවත් බටහිරින් ණය ගත්විට හොරකම් කිරීමට අපහසු බැවින් ඔවුන් බටහිර ණය නරක බව කියන බවත් ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ දීප්ති කුමාර ගුණරත්න සඳහන් කරයි.
voicetube.lk වෙබ් අඩවිය සමඟ සිදුකළ සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කරන අතර විමල් වීරවංශ වැනි ජාතිවාදයෙන් සිංහල මිනිසුන්ව අන්ධ කල හැකි බව සිතන ලෝකය ගැන දන්නේ නැති පිරිස්ද ඒ මතයම දරමින් සිටින බවද ඔහු පවසයි.
voicetube.lk වෙබ් අඩවිය සමඟ සිදුකළ එම සාකච්ඡාවේදී දීප්ති කුමාර ගුණරත්න මහතා වැඩිදුරටත් දැක්වූ අදහස් මෙසේය. මහින්ද රාජපක්ෂ මහත්මයා ඇත්තටම මේ ඊයේ පෙරේදා සංස්කෘතිය පිරීහීමක් ගැනත් කතා කළා. එතුමා දැන් පුදුමාකාර දේවල් කතා කරනවා. එතුමා මේ ලඟදි කියලා තියෙනවා මම දැක්කා සාමාන්‍යයෙන් අපි වගේ අයට හාල්මැස්සො කියලා. අපි බලමු මේ හාල්මැස්සො ඉදිරියේදී මෝරට අභියෝග කරන්නේ කොහොමද කියලා. මුලින්ම කියන්න තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා ගේන අදහසක් තමයි බටහිර රටවල්වලින් ණය ආධාර ගත්තොත් ඒක ඇත්තටම අර කිවුවත් වගේම ඒවා විදේශ කුමන්ත්‍රණ, අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ, නැත්නම් සුද්දො අපිව ආයිත් යටත් කරගන්න යනවා කියලා. ඒවගේම එතුමා කියනවා චීනෙන් ණය ගත්තොත් ඒවා දේශප්‍රේමී ණය කියලා. චීන ජාතිකයෝ කියන්නේ අපිට ඉස්සර පැරණි කාලේ සේද මාවතත් එක්කම ඇවිල්ලා ඒ අය අල්ලපු ගෙදර ඉන්න ඥාතියෝ වගේ අය, ඒ අය අපිට ඉතාම ආදරෙයි. සල්ලි ණයට දුන්නත් නිකන් අයිය මල්ලිට දුන්න වගේ තමයි.‘ඔන්න ඔය මල්ලි ණය බේරන්න බැරිනම් නිකන් හිටපන්’ කියලා කියනවා වගේ තමයි චීනෙන් ණය දෙනවා කියන එක ගැන මෙතුමා අපිට කියමින් ඉන්නේ.
නමුත් මෙතුමා දන්නේ නැති දෙයක් තියෙනවා ඒ තමයි ධනවාදය (Capitalism). ධනවාදය කියන්නේ බටහිරෙන් ආවත් පෙරදිගින් ආවත් කොහෙන් ආවත් එකයි. ඒ ධනවාදය පිළිබඳව අවබෝධයක් නැති වුණාම තමයි මෙතුමා මෙහෙම කියන්නේ. ඒ කියන්නේ මොකක්ද? අරෙහෙන් ආවම නරකයි මෙහෙන් ආවම හොඳයි කියලා.
දැන් ඊලඟට අපි තේරුම්ගත යුතු දෙයක් තමයි මේ NEW YOURK TIMES පත්තරේ කියන්නේ ලංකාවේ සිළුමිණ පත්තරේ හෝ දිනමිණ පත්තරේ හෝ රාවය පත්තරේ නෙවෙයි. ඒ NEW YOURK TIMES පත්තරේ Ethics කියලා සෙක්ෂන් එකක් තියෙනවා. ඒකට ගියහම අපිට පුළුවන් ඒ මාධ්‍යවේදීන් හැසිරෙන විදිහ කොහොමද කියලා සහ ඒ මාධ්‍යවේදීන් හැසිරිය යුතු ආචාරධර්මික ආකාරය කොහොමද කියලා පැහැදිළි කරල තියෙන විදිහ බලන්න.
නමුත් දැන් අපේ රටේ නම් මාධ්‍යවේදියෝ කියල කියන්නේ දේශපාලඥයෙක් හරි ව්‍යාපාරිකයෙක් හරි එන්න කිවුවම පොඩි ඩ්රින්ක් එකක් දාලා බිත්ති බදාගෙන ගෙදර යන කට්ටියක්. මේගොල්ලො හිතනවා මේගොල්ලො වගේ තමයි අර NEW YOURK TIMESඑකේ කට්ටියත් කියලා. ඒ කියන්නේ ගාණක් දීල ලිපි ලියවගන්න පුලුවන් එහෙම නැත්නම් හෝටල් කාමරයකට ගිහිල්ලා විස්කි පොඩ්ඩක් දුන්නම ඔලුව පරලවෙලා වෙන දේවල් ලියන්න පුලුවන් කියලා. ඉතින් මේක තමයි රාජපක්ෂලට මාධ්‍යවේදය පිළිබඳ තියෙන දැනුම.
මම දැක්කා සමහර රාජපක්ෂ කඳවුරේ මන්ත්‍රීවරුන් පවා කියලා තිබුණා ඇමරිකාවත් අපිට ණය දීල තියෙනවා කියලා. නැහැ අපි තේරුම් ගත යුතුයි අපිට ණය දෙන්නේ සාමාන්‍යයෙන් EU එක දෙනවා, IMF එක දෙනවා, World Bank එක දෙනවා, US AID එක දෙනවා. ඔය වගේ ඒවයින් තමයි ප්‍රසිද්ධියේ ණය දෙන්නේ. ඒ සියලුම ආයතන කෙලින්ම රජයෙන් දෙන්නේ නැහැ. ඒව ඇත්තටම අපි කියන්නේ ඒජන්සීස් (Agencies) කියලා. ඒ කියන්නේ අපේ වගේ නෙවෙයි. ඒ ඒජන්සීස් සල්ලි දෙනකොට අපිට යෝජනාවලියක් දෙනවා. දැන් චීනෙ ණය දෙනකොට අහන්නේ අදාළ දේශපාලඥයාගෙන් අහනවා ඔයාට කීයක් ඕනෙද කියලා.
එතකොට අනෙක් ඒවයේ එහෙම නෙවෙයි. එයාල ෆෝම් එකක් දෙනවා. ඒ ෆෝම් එක අපි අත්සන් කරනකොට ඒගොල්ලො කියනවා මෙන්න මේ වගේ දේවල්, මේ ණය දෙනවා නම් ඔයගොල්ලෝ මානව හිමිකම් රකින්න ඕනේ. පොලීසියේදී සැකකරුවන්ට හිංසා කිරීම නවත්වන්න ඕනේ, ඊළඟට සමාජයේ රැකියා දෙනකොට Gender balance කරන්න ඕනේ. ඒ කියන්නේ ස්ත්‍රී පුරුෂ කාටත් සමානව අවස්ථා දෙන්න ඕනේ, වැටුප් සමාන තලයක තියන්න ඕනේ. ඊලඟට ත්‍රස්තවාදය වැළැක්වීමේ වගේ පනත් එහෙම තියෙනවා නම් පහල පන්තියේ මිනිසුන්ව මර්ධනයට ලක් කරන රාජ්‍ය ආයතන එහෙම තියෙනවා නම් ඒවයේ නීති රීති අඩු කරන්න ඕනේ. ඔන්න ඔය වගේ අපේ කළාපයේ රටවල දුප්පත් මිනිස්සු වෙනුවෙන් හදපු රාමුවක් ඇතුලෙ තමයි බටහිර රටවල් අපිට ණය දෙන්නේ.
දැන් මේ රාජපක්ෂල වගේ වීරවංශලා වගේ ලිංවලට වැටිච්ච ලිං ගෙබ්බො, ලෝකය ගැන දන්නේ නැති ගෙබ්බො. සහ ඊලඟට මේ අය හිතනවා සිංහල මිනිස්සුන්ව ජාතිවාදයෙන් අන්ධ කරන්න පුලුවන් කියලා. එතකොට අන්න ඒ අය තමයි අපිට කියමින් ඉන්නේ බටහිරෙන් ගත්තම මේ ණය නරකයි චීනෙන් ගත්තම හොඳයි කියලා. චීනෙන් ගත්තම ඒ අයගේ සාක්කු පිරෙනවා. බටහිරෙන් ගත්තම වෙන්නේ හරි අමාරුයි හොරකම් කරන්න. හොරකම් කරත් ඒවා ඔඩිට් (Audit) කරනවා. Foreign Sick Audit වලට දානවා. එතකොට අනිවාර්යයෙන් ඊලඟ රෙජිම් එකේදී අහුවෙනවා. ඉතින් ඒ නිසා අපි නැවතත් කියන්න ඕනේ මේ රාජපක්ෂ කඳවුරේ අයට අපි මෝඩයෝ නෙවෙයි කියන එක.

