හම්බන්තොට ප්‍රදේශයේ පවතින වන අලි ගැටළුවට විසඳුමක් ලෙස ගම්මාන ආශ්‍රිතව සිටින වන අලින්, වන අලි කළමනාකරණ රක්ෂිතය ලෙස ගැසට් කිරීමට නියමිත ප්‍රදේශයට පළවාහැරීමේ කටයුතු සාර්ථක වන බවක් පෙනෙන්නට ඇති බව වාර්තා වෙයි.
සිව්වන දිනටත් ඊයේ(12) හම්බන්තොට කටුවැව ප්‍රදේශයේදී මෙලෙස අලි පළවා හැරීමේ කටයුතු සිදුව ඇති අතර එහිදී පැය 07 ක පමණ මෙහෙයුම් කාලය තුළ වන අලීන් 20ක් පමණ රක්ෂිත ප්‍රදේශයට පළවාහරින්නට හැකිව ඈති බවද වාර්තා වෙයි.
හම්බන්තොට සූරියවැව ප්‍රදේශවල පවතින වන අලි ගැටලුවට විසඳුම් ඉල්ලා වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානය විසින් පසුගියදා සිදුකළ විරෝධතාවට විසදුමක් ලෙස ප්‍රදේශයේ වන අලි පලවා හැරීමට කටයුතු ආරම්භ කර තිබෙන අතර එහි පළමු පියවර ලෙස සිදුවූයේ අලි වැට සකස් කර අලින් වන අලි කළමනාකරණ රක්ෂිතය ලෙස ගැසට් කිරීමට නියමිත ප්‍රදේශයට පළවාහැරීමේ කටයුත්තය.
නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ මූලිකත්වයෙන් මෙම කටයුත්ත ක්‍රියාත්මක අතර ඒ සඳහා හම්බන්තොට හා ලුණුගම්වෙහෙර වනජීවී කාර්යාල නිලධාරීන් මෙන්ම ප්‍රදේශවාසීන්ද එක්ව සිටියි.
කෙසේ වුවත් මෙම වන අලි පලවාහැරීමේ මෙහෙයුම ක්‍රියාත්මක වන අතරතුරදී සූරියවැව, වල්සපුගල ප්‍රදේශයට කඩා වැදි වන අලියෙකු ගම්මානයේ නිවාස 05ක් කඩා දමා තිබෙන බවද දැනගන්නට ඇති අතර කුපිතවී ඇති වන අලින් ගම්මානයට කඩා වැදී තම නිවාස විනාශ කරන බවට ප්‍රදේශවාසීන් චෝදනා නගන බවද දැනගන්නට ඇත.

