readphots.com  හෙට(14) එයි : photos විතරමයි !

readphots.com  හෙට(14) එයි : photos විතරමයි !

ලංකාවේ විශිෂ්ට ඡායාරූප ශිල්පීන්ගේ ජායාරූප ඇතුළත්  readphots (www.readphotos.com) වෙබ් අඩවිය හෙට (ජූලි 14) දා අන්තර්ජාලගත කිරීමට නියමිතව ඇත.

LNW (ලංකා නිව්ස් වෙබ් මීඩියා නෙට්වර්ක්) හි නවතම සාමාජිකයා ලෙස එක්වන මෙම   www.readphotos.com  වෙබ් අඩවියේ ප්‍රධාන සංස්කාරක ලෙස කටයුතු කරන්නේ ප්‍රවීණ ජායාරූප ශිල්පීයකු මෙන්ම මාධ්‍යවේදියකුද වන  අජිත් සෙනවිරත්න ය. 

ඡායාරූප ශිල්පීන්ගේ විශේෂිත විෂය පථය, කාණ්ඩය අනුව ඔවුන්ගේ ජායාරූප වර්ගීකරණය කර ඉදිරිපත් කිරීමට  www.readphotos.com වෙබ් අඩවිය ඉඩප්‍රස්ථා ලබාදී ඇති අතර  විවිධ මට්ටම්වලින් ඡායාරූපකරණයේ යෙදී සිටින ඡායාරූප ශිල්පීන් වෙත, ඔවුන්ගේ දෘෂ්‍යමය භාෂාවේ සංවිධිත ප්‍රවේශයක් සඳහා මේ අවස්ථාව යොදාගැනීමට  Readphots ඇරයුම් කර සිටියි. 

මේ සම්බන්ධව අදහස් දක්වන ලංකා නිව්ස් වෙබ් මීඩියා නෙට්වර්ක් කළමනාකාරීත්වය සඳහන් කර සිටින්නේ ප්‍රවෘත්තිමය, දේශපාලනික, පාරිසරික, නිර්මාණාත්මක හෝ සමාජයීය වැදගත්කමකින් යුක්ත කාච සටහන් සමග දැනුම්වත්භාවයෙන් යුතුව ප්‍රේක්ෂකාගාරය සමග සහසම්බන්ධ විය හැකි පොදු වේදිකාවක්  නිර්මාණය කිරීම තම ප්‍රධාන අපේක්ෂාව වන බවය.

මේ සම්බන්ධව www.readphotos.com වෙබ් අඩවියේ ප්‍රධාන සංස්කාරක අජිත් සෙනෙවිරත්න වෙතින් සිදුකළ විමසීමේදී ඔහු සඳහන් කර සිටියේ ලංකාව පුරා විසිරී සිටින සියළු ජායාරූප ශිල්පීන් එකම සයිබර් අවකාශයකට ගැනීම හරහා රසවින්දනයේ සහ ජායාරූප කලාවේ ගුණාත්මක භාවය ඉහළ යාමක් සිදුවනු දැකීම තම අපේක්ෂාව වන බවය.

එසේම  readphotos යන නම පවා ඊට යොදා ඇත්තේ එම අපේක්ෂාවෙන් බවද ඔහු සඳහන් කරයි. 

තවද නවක ජායාරූප ශිල්පීන් රැසක් සිය කුසලතා ප්‍රදර්ශනය කිරීමට නිසි අවස්ථාවක් නොමැතිව සිටින බවත් ඔවුන්ට කළඑළි දකින්න ශක්තිමත් වේදිකාවක් මේ හරහා නිර්මාණය වන බවද ඔහු සඳහන් කර සිටින අතර ජේෂ්ඨ ජායාරූප ශිල්පීන්ගේ ජායාරූප ගොනුවක් සමඟ එය සිදුවන බැවින් අලුතින් ඉගෙනීමට දේ මෙන්ම අත්දැකීම් බෙදාහදා ගැනීමේ අවකාශයක් මේ තුළ නිර්මාණය වන බවද ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම ඉදිරියේදී ජායාරූප කලාව සම්බන්ධව ඉගෙන ගැනීමට ප්‍රිය කරන පාර්ශවයන්ට අත්වැළක් සපයන  ලිපි, වැඩමුළු, පුවත් ඇතුළත් විශේෂාංග ගණනාවක් ඉදිරියේදී මීට ඇතුළත් කිරීමට අපේක්ෂා කරන බවත් ඒ ඔස්සේ ජායාරූප කලාවේ මෙන්ම රසවින්දනයේද ගුණාත්මකබව නංවන අතර දිගු ගමනක් යාම තම අපේක්ෂාව වන බවද ඔහු පවසයි. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න