දුෂණ සම්පූර්ණයෙන් නතර කරන්න  ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටෙනවා - නාමල්

දුෂණ සම්පූර්ණයෙන් නතර කරන්න  ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටෙනවා - නාමල්

දුෂණ සම්පූර්ණයෙන් නතර කරන්න  ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටෙන්නට හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කර ඇත.
මන්ත්‍රීවරයා මෙම අදහස් දැක්වීම සිදුකර ඇත්තේ ඉරිදා පුවත්පතක් සමඟ සිදුකළ සම්මුඛ සකාච්ජාවකදී ය.

එහිදී  මාධ්‍යවේදීයා නාමල් මන්ත්‍රීවරයාට යොමුකරන ලද ප්‍රශ්නය වන්නේ "ඕනෑම ආණ්ඩුවක් තමන්ට එරෙහි දුෂණ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරනවා. ඇත්තටම රාජපක්ෂ ආණ්ඩුවේ දුෂණයක් තිබුණේම නැද්ද ?" යන්නය.

ඊට පිළිතුරු දෙමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙසේ සඳහන් කර ඇත.

"ලංකාවේ විතරක් නෙවෙයි,ලෝකයේ ඕනෑම තැනක දුෂණ තියනවා. මාධ්‍ය, දේශපාලනය ඇතුළු හැමතැනම දුෂණය තියනවා.

මේක සම්පූර්ණයෙන් නතර කරන්න ගියොත් සම්පූර්ණයෙන් ආර්ථිකය කඩා වැටෙන්න පුළුවන්.ඒ හින්දා ඒක අවම කිරීම තමයි තියන ක්‍රමය.

මම දුෂණයට සහය දෙන්නේ නෑ. ප්‍රතික්ෂේප කරනවා. හැබැයි ඒක සම්පූර්ණයෙන් නවත්වන්න බැහැ. රාජ්‍ය ආයතනයකට ගියත් අල්ලසක් දෙන්න ඕනෑ. මේක හැම තැනම තියනවා. ඉතින් ඒක අවම කිරීම වැදගත්."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න