ඒකාබද්ධ විපක්ෂය වෙනම කණ්ඩායමක් ලෙස පිළිගන්නා ලෙසත්, විපක්ෂනායක ධූරය ලබාදෙන ලෙසත් ඉල්ලමින් නැවත කතානායකවරයා සමග පාර්ලිමේන්තුව අකර්මණ්‍ය වන අන්දමේ ගැටීමක් ඇති කරගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම සූදානමින් සිටින බව එම කණ්ඩායමේ නියෝජිතයෝ පවසති.
ජුලි දෙවැනිදා පාර්ලිමේන්තුවේ පවත්වා ඇති එම කණ්ඩායම් රැස්වීමේදී ඔවුන් එසේ තීරණය කර ඇති අතර පසුගිය ජුලි 10 වැනිදා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂනායක රැස්වීමේදීද එම තීරණය අනුමත කර ඇත.
එළඹෙන සතියේ පාර්ලිමේන්තු සභාවාරයේදී එම ලිඛිත ඉල්ලීම ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අත්සනින් ඉදිරිපත් කිරීමට නියමිතය.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැත්තෑදෙනාගේ කණ්ඩායම ආණ්ඩුව නියෝජනය කරන එජාපය හෝ ශ්‍රීලනිපය යන කණ්ඩායම් දෙක සමඟ සම්බන්ධයක් නොමැති බව දන්වමින් ඉහත ඉල්ලීම කතානායකවරයාට නැවතත් ලිඛිතව ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම තීරණය කර ඇත.
කෙසේ වෙතත් කතානායක කරු ජයසූරිය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමේ වැඩි ඉඩක් පවතින බවටත් , ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව නැවත කතානායකවරයාට විරුද්ධව පාර්ලිමේන්තුවේදී ගැටුම් ඇතිකරගත යුතු බවටත් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම සාකච්ඡා කර ඇත.
(අනිද්දා)

