රාජ්‍ය ආයතන 12000 කට : ඔප්පු නෑ 

රාජ්‍ය ආයතන 12000 කට : ඔප්පු නෑ 

පාසැල් ඇතුලූ රජයට අයත් විවිධ ආයතනවල පිහිටි භූමිවල අයිතිය කියා පෑමට ඔප්පුවක් නොමැති ආයතන 12000 ක් පමණ මේ වන විට තම අයිතිය තහවුරු කර ගැනීම සදහා ඔප්පු ලබා දෙන ලෙසට ඉල්ලූම්පත් ඉදිරිපත් කර තිබෙන බව  ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක පැවසීය. 

අමාත්‍යවරයා  මේ බව පැවසුවේ පැල්මඩුල්ල ගන්කන්ද විද්‍යාලයේ පැවති  ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් සදහා ඔප්පු ලබාදීම වෙනුවෙන්  දැනුවත් කිරීමේ වැඩසටහනකදීය.

රත්නපුර දිස්ත‍්‍රික්කයේ පැල්මඩුල්ල මැතිවරණ කොට්ඨාශය තුළ ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් ජනතා අයිතියට පත්කිරීම පිලිබදව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලවක් පසුගිය දෙදිනතුළ පැවති අතර  ඊට සමගාමිව  රජයේ ඉඩම් පිළිබද රත්නපුර ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයේ හා කලූතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේදී ප්‍රාදේශිය ලේකම්වරු සහ රජයේ නිළධාරින් දැනුවත් කිරීමේ වැඩසටහන් කිහිපයක්ම පැවැත්විණ.

ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් කිසිදු හේතුවක් මත නොමිලේ ලබා දිමට නීතිමය ප‍්‍රතිපාදන නොමැති හෙයින් ඉඩම්ලාභින් තෝරා ගැනීමේ දි අඩු ආදායම් සීමාව රුපියල් පන්දහසේ සිට විසිපන්දහස දක්වා ඉහළ දමමින් වැඩි පිරිසකට ඉතා අඩු මුදලකට ඉඩම් කැබැල්ලක් ලබා දීමට අපි කටයුතු කරනවා. එපමණක් නොව රජයේ විශ‍්‍රාමිකයින් සහ ආබාධිත රණ විරුවන් ද,මුලීක වැටුප රුපියල් විසිපන්දහසට අඩු රජයේ සේවකයින් ද අඩු ආදායම්ලාභින් ලෙසට ගැනෙන හෙයින් මෙරට ඉඩම් කැබැල්ලක් අහිමි ලක්ෂ ගණනකට සෙත සැලසෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා වැඩි දුරටත් පවසන ලදී.

මෙම වැඩසටහන රජයේ ඉඩම් ඔප්පු දසලක්ෂයක් ලබා දීමේ සංකල්පයට සමගාමීව ක‍්‍රියාත්මක වන්නකි. ජනතාවට විශාල ප‍්‍රයෝජනයක් අත්වන මෙම වැඩසටහන පිළිබදව ජනතාව දැනුවත් කිරීම පිණිස මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවල දායකත්වය අඩු බැවින් සංවර්ධනාත්මක ප‍්‍රවෘත්ති ස`දහා වැඩි ඉඩ කඩක් ලබා දෙන ලෙසද අමාත්‍යවරයා විසින් මාධ්‍ය වලින් ඉල්ලීමක් ද කළේය.36970491 2057931611126572 1728513161687990272 o

36876771 2057931851126548 3494514966893953024 o

37056222 2060077054245361 6644402449446600704 o

37027383 2057932101126523 147789171820331008 o

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න