මහින්ද කරන්නේ පදුරු අස්සේ ඉදන් බේගල් කියන එක - මංගල (වීඩියෝ)

මහින්ද කරන්නේ පදුරු අස්සේ ඉදන් බේගල් කියන එක - මංගල (වීඩියෝ)

තෙල් මිල ගැන බොරු බේගල් කියමින් හිටපු මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහතා පඳුරු අස්සේ සිට රජයට ගල් ගසමින් සිටින බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සඳහන් කරයි.

ඊයේ (13) මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කල අතර හිටපු ජනාධිපතිගේ චෝදනා අභූත බේගල් පමණක් වන බවද පවසා ඇත.

එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මංගල සමරවීර අමාත්‍යවරයා මෙසේද පැවසීය.   ‘‘හිටපු මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහතා සුපුරුදු පරිදි ආණ්ඩුවට ගල් ගහන්න පටන් අරගෙන.තෙල්මිල හා තෙල්මිල සූත්‍රය ගැන එතුමා විකෘති අදහස් කියනවා.මහින්ද රාජපක්ෂ මහතා කියනවා එතුමාගේ කාලයේ පෙට්රල් ලීටරයක මිල රුපියල් 120 යිලු. ඒක බොරුවක්. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අවසාන කාලයේදී එනම් 2015 වසරේ ජනවාරි මාසය වනවිට පෙට්රල් ලීටරය රුපියල් 150යි එහෙම බැලුවම එදාට වඩා තෙල්මිල අද අඩුයි.

ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරලත් මහින්ද තෙල් මිල අඩුකළේ නෑ !

මිල සූත්‍රය රටට අවශ්‍ය දෙයක් ලෝක වෙළඳපළේ බොරතෙල් මිල අඩු වැඩි වෙනකොට එහි වාසිය හෝ අවාසිය හෝ ජනතාවට යනවා. අපට මතකයි 2014 දී ලෝක වෙළඳ පළේ තෙල්මිල සැලකිය යුතු ලෙස අඩු වුණා. හැබැයි තෙල් මිල අඩුවීමේ වාසිය එදා ආණ්ඩුව ජනතාවට ලබා දුන්නේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරලත් ආණ්ඩුව තෙල්මිල අඩුකළේ නැහැ. එදා ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩු කළත් ආණ්ඩුව තෙල් මිල අඩු කළේ නෑ. මිල සූත්‍රය අනුව අඩු වුණොත් අඩු වෙනවා. 

තවද සෑම මසකම 10 වැනි දා මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල මිල සූත්‍රය අනුව සංශෝධනය වන බවත් විවෘත ආර්ථිකයක් ඇති රටක ශක්තිමත් පාරිභෝගික සේවා අධිකාරයක් තිබිය යුතු අතට  ඊට අවශ්‍ය කටයුතු ඉදිරියේ දී සිදු කෙරෙන බවද අමාත්‍යවරයා සඳහන් කර ඇත.

මිල සුත්‍රය අවශ්‍ය අය තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ ඉල්ලන්න !

මෙහිදී මාධ්‍යවේදීන් ඉන්ධන සඳහා වන මිල සුත්‍රය සම්බන්ධවද අමාත්‍යවරයා වෙතින් විමසා ඇති අතර එහිදී අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ මිල සුත්‍රය සම්බන්ධව වැඩිදුර තොරතුරු අවශ්‍ය අය ඒ පිළිබඳ තොරතුරු දැන ගැනීමේ අයිතිය යටතේ ඒ ඉල්ලා සිටින ලෙසය.
එසේම  මහ බැංකු නිලධාරීන් පිළිබඳ තමන්ට පූර්ණ විශ්වාසයක් ඇති බවද අමාත්‍යවරයා සඳහන් කර ඇත.

මම මරණ දඬුවමට එදත් අදත් විරුද්ධයි!

මෙම මාධ්‍ය හමුවේදී මරණ දඬුවම යළි බලාත්මක කිරීම ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදය තහවුරුවීම සම්බන්ධවද අමාත්‍යවරයා අදහස් දක්වා ඇත.

"රටේ ප්‍රජාතන්ත්‍රවාදය උපරිමයෙන් තියෙනවා. ඇමැතිවරු තුන් දෙනෙක් ඉල්ලා අස් වුණා. අගමැති බැඳුම්කර කොමිසමේ සාක්කි දුන්න. මාධ්‍යවේදීන්ට සුදු වෑන් තියා කවුරුත් අසභ්‍ය වචනයක්වත් කියන්න නෑ. 

තරුණයන්ගෙන් හිර ගෙවල් පිරෙවුවට මත් කුඩු ප්‍රශ්නය විසඳෙන්නෙ නෑ. හිරේ ඉන්නෙ මේ ව්‍යාපාරයේ දෙවැනි පෙළ කණ්ඩායම. ඉහළ පෙළ පිරිස මේ රටේ නම් දරාපු සංවිධානවල උපාසකයො වගේ ඉන්නෙ.

හිර ගෙවල්වල ඉඳන් කුඩු බිස්නස් කරනව නං ඉස්සෙල්ලා ම අල්ල ගන්න ඕනෙ ජේලර්ට ටික, ඇයි නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැත්තෙ කියල අහන්න. 

තමන් කැබිනට් මණ්ඩලයේ සඳහන් කළ ලෙස මරණ දඬුවමට එදත් අදත් කවදත් විරුද්ධ බවද අමාත්‍යවරයා සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න