පුද්ගලයින් 128 දෙනෙකුට මරු කැඳවමින් පකිස්ථානයේ දේශපාලන රැළියකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ වගකීම IS ත්‍රස්ත සංවිධානය භාරගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මාස්ටන් නගරයේ පැවති රැළියට එල්ල වූ මෙම බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රාදේශීය අපේක්ෂකයෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇතැයි පකිස්ථාන පොලීසිය සඳහන් කරන අතර 150 කට අධික ප්‍රමාණයක් තුවාල ලබා ඇති බවද සඳහන් කරයි.
මීට පෙර ද පකිස්ථානයේ බන්නු නගරයේ පැවති දේශපාලන රැළියකට ප්‍රහාරයක් එල්ල වූ අතර එහිදී පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
2014 වසරෙන් පසු පකිස්ථානයට එල්ල වූ දරුණුතම ප්‍රහාරය මෙය වන බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන අතර එළඹෙන 25 වනදා පැවැත්වෙන මැතිවරණය ආසන්න වන විට ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ යාමේ අවධානමක් ඇති බවද දැක්වෙයි.

