මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීන්දුව අහෝසි කර මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු බරපතල අපරාධ මර්දනයට අවශ්‍ය ප්‍රබල හා දීර්ගකාලීන ප්‍රතිපත්ති මාලාවක් ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත දැනුම්දී ඇති බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ලිඛිතවම මෙම දැනුම්දීම ජනාධිපතිවරයා වෙත සිදුකර ඇති අතර ඒ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය පසුගිය සතියේ තීරණය කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් සිය කොමිෂන් සභාවේ මතය සඳහන් කරමින්ය.
එහිදී මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය දීපිකා උඩගම සඳහන් කර ඇත්තේ මරණ දඬුවම යනු ලෝකයේ තවදුරටත් ප්‍රතික්ෂේප වෙමින් බවතින දණ්ඩන ක්‍රමයක් බවය. එසේම මරණ දඬුවම යනු කෘර සහ අමානුෂික දණ්ඩනයක් බවත්, එය ජීවිතයට ඇති අයිතිය ද, කෘර සහ අවමන් සහගත දඬුවම් වලින් මිදීමට ඇතිය අයිතිය ද වෙනත් මානව හිමිකම් ද ප්‍රබල ලෙස උල්ලංඝනය කරන දඬුවමක් බවත් එහිදී පෙන්වාදී ඇති බවද වාර්තා වෙයි.
එසේම අන්තගාමී හා වෙනස් කළ නොහැකි වූ මෙම දණ්ඩන ක්‍රමය අහෝසි කළ යුතු බවත් මානව හිමිකම් කොමිෂන් සභාව වැඩිදුරටත් සිය ලිපියේ අවධාරණය කර ඇති බවද දැනගන්නට ඇත. කෙසේ වුවත් මත්ද්‍රව්‍ය ජාවාරම නිසා සමාජයට ඇතිවන බලපෑම සුළුපටු නොවන බවත් එය සාර්ථක ලෙස මැඩ පැවැත්විය හැකි වන්නේ මරණ දඬුවම වැනි නිශ්පල දඬුවම් ක්‍රියාත්මක කිරීමෙන් නොව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කාර්යක්ෂම ලෙස නීතියේ රැහැනට හසුකර ගැනීමෙන් බවත් කොමිසම සඳහන් කර ඇති බවද දැනගන්නට ඇත. දැනටමත් වරදකරුවන් වී බන්ධනාගාරගත වී ඇති ජාවාරම්කරුවන් බන්ධනාගාරයේ සිට නව තාක්ෂණය ඔස්සේ බාහිර ලෝකයත් සමඟ බද්ධ වී ජාවාරම්වල යෙදන්නේ නම් එයට නිසි පිළිතුර විය යුත්තේ බන්ධනාගාරය තුළ ඇති ආරක්ෂක කටයුතු නවීන තාක්ෂණය භාවිත කරමින් නතරකිරීම යැයිද එහි තවදුරටත් අවධාරණය කර ඇති බවද වාර්තා වෙයි.

