අගෝස්තු 17  : කොළඹ පාරවල් අවහිර කරනවා - නාමල්  

අගෝස්තු 17  : කොළඹ පාරවල් අවහිර කරනවා - නාමල්  

ආණ්ඩුවට අවුරුදු තුනක් පිරෙන අගෝස්තු 17 වැනිදා කොළඹට ඇතුළුවන සියලු මාර්ග අවහිර කර දැවැන්ත විරෝධතාවක යෙදෙන බව  පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

ආණඩුව ගෙදර යන තුරු එකී විරෝධතා රැල්ල අවසන් නොකරන බව ද මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙම අදහස් දක්වා ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්යාලයේ ඊයේ (13)  පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.

එහි දී තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද පවසා ඇත.

  ‘‘අගෝස්තු මාසෙ 17  වැනිදා කියන්නේ මේ ආණ්ඩුව පිහිටුවලා අවුරුදු තුනක් වෙන දවස. එදාට කොළඹට ඇවිත් මේ ආණ්ඩුවට විරෝධය පළ කරන්න සුදානම්.

මේ රටේ ජනතාවගේ සහනාධාර සියල්ල කපා හැරලා. රටේ ඒකීයත්වයට බරපතල  තර්ජන එල්ල වෙලා තියෙනවා. රටේ රාජ්‍ය නායකයා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහත්තයා , අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ ගැන කිසි අවධානයක් නැහැ. රට දේශපාලනික ආර්ථික වශයෙන් අස්ථාවර තත්ත්වයක් අරන්. රට අරාජික වෙලා.

ආණ්ඩුව පත්වෙලා අවුරුදු තුනයි. ආණ්ඩුව පත්වෙන කොට දුන් පොරොන්දු එකකවත් ඉෂ්ට කරන්නේ නැතිව රටේ ජනතාවගේ  බඩට ගහන්න, ජනතාවගෙන් පලි ගන්න කටයුතු කරනවා. 

අපි ආරාධනා කරනවා මේ රටේ අසාධාරණයට ලක්වූ සියලු ජනතාවට මේ විරෝධතාවයට එක්වෙන්න කියලා."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න