දූෂණ විරෝධී අධිකරණ අංක 01 ලබන සතියේ සිට ක්‍රියාත්මක කිරීම සඳහා සියලු කටයුතු සූදානම් බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය ඇමැති අජිත් පී පෙරේරා සඳහන් කර ඇත.
ශ්‍රී ලංකා නීතිවිද්‍යාලය ඉදිරිපිට ස්ථාපිත කර ඇති දූෂණ විරෝධී අධිකරණ අංක 01 ගොඩනැගිල්ල පසුගිය 13 වනදා නාවික හමුදාව විසින් අධිකරණ අමාත්‍යංශයට භාරදුන් බව ද ඇමැතිවරයා හෙළිකර තිබේ.
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එසේ කී රාජ්‍ය ඇමැතිවරයා යහපාලන ආණ්ඩුව ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට ශක්තිමත්ව පියවර ගෙන ඇති බව ද පෙන්වා දුන්නේය.
ගෝඨාගේ සහ ගාමිණි සෙනරත්ගේ නඩු 2ක් පළමුව !
අලුතෙන් පිහිටුවීමට යෝජිත ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග කිරීම සඳහා දැනට විමර්ශන හමාර කර තිබෙන නඩු දෙකක් පිළිබඳ නිර්දේශ ඉදිරි සතියේදී අග්‍රවිනිශ්චයකාරවරයාට යොමුකරන බව නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.
නීතිපතිවරයාගේ නිර්දේශය ගැන අගවිනිසුරුවරයා විසින් කරනු ලබන මූලික විමර්ශනයකින් පසු එම නඩු නව ත්‍රිපුද්ගල මහාධිකරණයේ අධිචෝදනා යටතේ විභාග කළ යුතුදැයි තීන්දු කෙරේ. අදාළ අගවිනිසුරු නිර්දේශය නැවතත් නීතිපති වෙත ලැබීමෙන් අනතුරුව මෙම නඩු වාර්තා මූලික පරීක්ෂණය උදෙසා මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කොට දෙවනුව අධිචෝදනා ඉදිරිපත් කෙරෙන බව නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට අදාළ වීරකැටියේ දෙමව්පිය සමරු ස්මාරකය පිළිබඳ නඩුව සහ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතාට අදාළ හයට් හෝටල් ගනුදෙනුව සම්බන්ධ නඩුව මුලින්ම අගවිනිසුරුවරයා වෙත යැවෙන පැමිණිලි විය හැකි බවද නීතිපති දෙපාර්තමේන්තුව කියයි.

