ඩො.මි 7.6ට මහින්ද විකුනුණු හැටි : පාර්ලිමේන්තුවේ ඔප්පු කරනවා - අනුර 

ඩො.මි 7.6ට මහින්ද විකුනුණු හැටි : පාර්ලිමේන්තුවේ ඔප්පු කරනවා - අනුර 

චීන සමාගමක් විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදුන් ඩොලර් මිලියන 7.6 ක  මුදල පිළිබදව සියළු විස්තර ලබන සතියේ පාර්ලිමේන්තුවේදී  හෙළි කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

මහරගම ප්‍රදේශයේ පැවති සම්මත්‍රණයකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මන්ත්‍රීරවරයා මේ බව සඳහන් කළ අතර   හුවමාරු වුණ චෙක්පත් මුදල් මාරු කරපු පුද්ගලයින් ඇතුළු  සියල්ල එහිදී  හෙළිදරව් කරන්න බලාපොරොත්තු වන බවද පැවසීය. 

අද අපේ රටේ නායකයින් වෙනත් රටවල් විසින් මිලට ගන්න තත්වයට පත්වෙලා තිබෙන බවත් ඒ නිසාම  රට අද ආර්ථික අතින් බෙලහීනතාවයට පත්ව ඇති බවද මන්ත්‍රීවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

හිටපු ජනාධිපතිවරයා ඩොලර් මිලියන 7.6කට චීන සමාගමක් විසින් මිලදී අරගෙන තිබෙනවා. ඒ බව ඔහු ප්‍රතික්ෂේප කර නොමැති නිසා අද අපේ රට ස්වාධීන රටක් නොවෙයි. චීන සමාගමකට අපේ රටේ නායකයන් මිලට ගන්න පුළුවන් නම් අපේ රට ස්වාධීන රටක්ද? රටේ ජාතික සම්පත් රටේ වුවමනාවට මෙහෙයවනවා වෙනුවට බහුජාතික සමාගම්වලට අනුව හසුරුවන රාජ්‍යයක්. වෙළඳ ගිවිසුම්, බහුජාතික සමාගම්වල වුවමනාවට ගොඩනැගෙනවා. බදු පනත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වට්ටෝරු අනුව සකස් වෙනවා. ආර්ථික වශයෙන් දේශපාලන වශයෙන් පරාධීන රාජ්‍යයකට නිදසක් කොහෙද? 

ඒ වගේම ව්‍යාජ දේශප්‍රේමය පරාජය කළ යුතුව තිබෙනවා. ඒ නිසා නැවත අපේ රට ආර්ථිකයේ දේශපාලනයේ සංස්කෘතියේ ස්වාධීනත්වය වෙනුවෙන් අරලයක් තිබෙනවා. යැයිද සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න