ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර අද (15) පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවා ඇත.
ඒ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පසුගිය 3 වන අඟහරුවාදා පාර්ලිමේන්තු සභා ගැබ මැදට පැමිණ පැවැත්වූ විරෝධතාවයේදී සෙංකෝලය පැහැර ගැනීමට උත්සාහ කිරීම ඇතුළුව විනය විරෝධී හැසිරීම හේතුවෙන්ය.
මන්ත්‍රීවරයාගේ මෙම විනය විරෝධී හැසිරීම සිදුවූයේ හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශයට අදාළව පාර්ලිමේන්තුවේදී ඇති වූ උණුසුම් තත්ත්වය හමුවේය.
මේ අතර ස්ථාවර නියෝග 77 තුන වගන්තිය ප්‍රකාරව සෙංකෝලය පාර්ලිමේන්තුවේ සභා ගර්භය ඇතුළත තබා තිබෙන අවස්ථාවක එය ස්පර්ශ කිරීම හෝ එසවීම හෝ මගින් බරපතල විනය විරෝධී ක්‍රියාවක් සිදුකරනු ලබන යම් මන්ත්‍රීවරයෙකු විසින් එම වරද සිදුකරනු ලබනුයේ පළමු වරට යන කාරණය නොසලකා ඔහුගේ පාර්ලිමේන්තු සේවය සති 4 කට අත්හිටුවිය හැකි බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග පෙන්වා දෙයි.

