හිතුමතේ බඩු මිල ඉහළ දැම්මොත් : වැඩ වරදින හැඩ - මංගල අනතුරු හඟවයි !

හිතුමතේ බඩු මිල ඉහළ දැම්මොත් : වැඩ වරදින හැඩ - මංගල අනතුරු හඟවයි !

ඉන්ධන මිල සංශෝධනය පාදක කොට හිතුමතේට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල වැඩි කිරීමට කටයුතු කරන කූඨ වෙළෙදුන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කොට ඇත.

ඒ අනුව පාරිභෝගික අයිතීන් රැකදීම සඳහා දැනට පවතින පාරිභෝගික සේවා අධිකාරි පනතේ අඩුලුහුඬුකම් මඟහැර ශක්තිමත් ‍නව පනතක් හඳුන්වාදීමට ද රජය කටයුතු කරන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය.

රජය ඉකුත් මැයිමස 11 වැනිදා හඳුන්වා දුන් ඉන්ධනමිල සූත්‍රය හරහා සෑම මාසයකම 10 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිලෙහි වෙනස්කමක් සිදුවේ. මේ වෙනසත් සමඟ ඉන්ධන මිල හා බැඳුණු අනෙකුත් භාණ්ඩ හා සේවාවල මිල ඉහළ දැමීමට වෙළෙඳුන් කටයුතු කළහොත් ඉන් පාරිභෝගිකයා ආරක්ෂා කරගැනීමට රජයට යම් වැඩපිළිවෙළක් තිබේ දැයි මාධ්‍යවේදියකු මුදල් හා ජනමාධ්‍ය ඇමැතිවරයාගෙන් ප්‍රශ්න කෙළේය.

ඊට පිළිතුරු ලබා දුන් මංගල සමරවීර මහතා, ඇත්ත ඉතා හොඳ ප්‍රශ්නයක් ඇහැව්වේ. අපේ රටේ ඉන්ධනවල පමණක් නෙවෙයි සෑම භාණ්ඩ හා සේවාවකම මිල වැඩි කළොත් ඒ සැණින් වෙළෙඳ පොළේ මිල වැඩි කරනවා. යම් දෙයක මිල අඩුකළොත් එහි වාසිය එසැණින් පාරිභෝගික ජනතාවට ලැබෙන්නේ නැහැ.

මේ නිසා වෙළෙඳුන් තුළ සදාචාරාත්මක ගතිගුණයක් ඇති කළ යුතු වෙනවා. මිල වැඩි කළ වහාම කටයුතු කරන්නේ යම් සේද මිල අඩුකිරීමකදීත් එසේම කටයුතු කිරීමට අප ඔවුන්ව හුරු පුරුදු කළ යුතුයි.

ඊට අවශ්‍ය නීතිරීති, අණපනත් අලුතින් සකස් කිරීමට වාණිජ හා කර්මාන්ත කටයුතු ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතා ප්‍රධාන පිරිස මේ දිනවල පියවර ගනිමින් සිටිනවා යැයිද මංගල සමරවීර මහතා කීය.

භාණ්ඩයක හෝ සේවාවක හෝ මිල වැඩි කිරීමට හේතු ගණනාවක් බලපානවා. ඉන්ධන මිල පමණක් වැඩිවූ විට භාණ්ඩ හා සේවාවක මිල වැඩි කරන්නට බැහැ.

ඒ නිසා අපි ඉතා සැලකිල්ලෙන් භාණ්ඩ හා සේවාවක මිල වැඩි කරන්නට ඕනෑ. ඒ අනුව සමාජ වෙළෙඳපොළ ආර්ථික ක්‍රමය තුළ අප කිසිවකුටත් අගතියක් සිදුනොවන සාධාරණ ආකාරයටයි සියල්ල කළ යුතු වන්නේ. ඒ දේ ඉතා වගකීමෙන් රජය ඉටුකරනවා යැයිද සමරවීර මහතා පැහැදිලි කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න