Language Switcher

V2025

යුද්ධයට බයේ අඹේපුස්සේ සැඟවුණු : අජිත් ප්‍රසන්නගේ පැටිකිරිය මෙන්න 

මේජර් අජිත් ප්‍රසන්න 1992 ජනවාරි 02 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳී, 1992 අගෝස්තු මස 29 දින දෙවන ලුතිනන් නිලයෙන් අධිකාරියට පත්ව, ශ්‍රී ලංකා සිංහ ලේජිමේන්තුව වෙත ඇතුලත්ව ඇත. යුද්ධ හමුදාවේ ඔහු සේවය කරනු ලබන කාලයේදී සංග්‍රාමික නීතියට පටහැනිව පහත දැක්වෙන විනය කඩකිරීම් සිදුකොට ඇති බව තහවුරු වේ.

ක්‍රියාන්විත ප්‍රදේශයේ රාජකාරී කරමින් සිටියදී යුද්ධ හමුදාවෙන් නිසි ලෙස නිවාඩු නොගෙන 1994/09/12 දින සිට 1994/09/21 දින දක්වා දින 10ක් සේවයට නොපැමිණ සිටීමෙන් 1994 අංක 7 දරන යුද්ධ හමුදා පනතේ 106(අ) වගන්තිය යටතට ගැනෙන වරදක් මෙම තැනැත්තා සිදුකර ඇත. පසුව ඔහු විසින් සිදුකරන ලද ඉල්ලීම් කිහිපයක් සලකා බලා සානුකම්පිත හේතූන් මත නිවාඩු නොමැතිව සේවයට නොපැමිණි කාලය සඳහා නිවාඩු අනුමත කොට ඇත.

තවද මෙම නිලධාරියා විසින් සිදුකරණ ලද විනය කඩකිරීමක් සම්බන්ධව ඔහු මහා යුද්ධාධිකරණයක් වෙත ඉදිරිපත් කොට යුද්ධ හමුදා පනතේ 100(2)(අ) වගන්තිය යටතේ “ජේෂ්ඨ නිලධාරීන්ට අකිකරුවීම” යන චෝදනා දෙකක් ගොනු කොට නඩු විභාග කොට ඇත.

එනම් මෙම නිලධාරී අජිත් ප්‍රසන්න 1994 සැප්තැම්බර් මස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයට අනුයුක්තව සිට ඇති අතර, ආධුනික සේනීන් 200ක් පමණ රැගෙන පලාලි දක්වා ගමන් කරන ලෙස ඔහුට නියෝග ලබා දී ඇත. එකී නියෝගයට අවනත නොවීමෙන් මොහු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ රැඳී සිටීමෙන් ජේෂ්ඨ නිලධාරියෙකුට අකීකරු වීමේ සංග්‍රාමික වරදක් සිදුකර ඇත. පසුව මෙම නිලධාරී අජිත් ප්‍රසන්නට අලිමංකඩ ප්‍රදේශයේ ස්ථානගතව ඇති ඔහුගේ ඒකකය වෙත වාර්තා කරන ලෙස දැනුම් දුන්නද,එකී නියෝගයද කඩ කරමින් අඹේපුස්ස රෙජිමේන්තු මධ්‍යස්ථානයේ රැඳී සිටීමෙන් නැවතත් ජේෂ්ඨ නිලධාරියෙකුට අකීකරුවීමේ සංග්‍රාමික වරද සිදු කර ඇත.

එබැවින් මෙම නිලධාරී අජිත් ප්‍රසන්නට එරෙහිව ඉහත සඳහන් චෝදනා මහා යුද්ධාධිකරණයක් ඉදිරියේ විභාග කිරීමෙන් අනතුරුව, සිදුකරන ලද වරදේ බරපතලකම හේතුවෙන් දඬුවම් ලෙස ඔහුගේ ජෙෂ්ඨත්වය ස්ථාන 75කින් පහත හෙලා ඇත.

ඒ අනුව මොහු රණවිරුවෙකු ලෙස උදම් ඇනුවද යුද්ධය දැඩිව පැවති සමයේ ක්‍රියාන්විත ප්‍රදේශයට ගොස් තම දායකත්වය ලබාදීම ප්‍රතික්ෂේප කරමින් අඹේපුස්ස කඳවුරේ රැඳී සිටීමෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත අකෘතඥවී ඇති අතර, එමගින් ඔහු අධ්කාරීලත් නිලයක් දැරීමට නුසුදුසු බැව් පෙන්නුම් කොට ඇත. තවද, ඔහු පාබල නිලධාරියෙක් ලෙස වසර 3ක් පමණක් සේවය කොට ඇත.

1997 වර්ෂයේදී මෙම නිලධාරී ශ්‍රී ලංකා නීති විද්‍යාලය වෙත ඇතුලත්වී ඇති අතර, ඔහුගේ ඉල්ලීම අනුව වසර 04ක කාලයක් සඳහා වැටුප් සහිත අධ්‍යයන නිවාඩු ලබා දී ඇත. පසුව ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරයෙකු ලෙස 2001 දෙසැම්බර් මස 13 වන දින දිවුරුම් දී ඇත.

නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව මෙම නිලධාරී ලුතිනන් සිට කපිතාන් දක්වා නිල උසස් කිරීමේ විභාගයට පෙනී සිට ඇති අතර, එහිදී වංචනික ලෙස අධ්‍යයන ලේඛන ළඟ තබා ගෙන විභාගයට පෙනී සිටීමෙන් විභාග අක්‍රමිකතාවයක් සිදුකොට ඇත. ඒ සබැදියාව යුද්ධ හමුදා පනතේ 129 (1) වගන්තිය යටතේ චෝදනා ලඝු නඩු වශයෙන් විභාග කිරීමෙන් අනතුරුව එකී චෝදනාව සබැඳිව මෙම නිලධාරී අජිත් ප්‍රසන්න වරද පිළිගැනීමෙන් අනතුරුව දඬුවම් වශයෙන් තරවටු කිරීමක් ලබා දී ඇත.

1995 වර්ෂයේදී ඔහු ක්‍රියාන්විතයකට සහබාගි වී සිටියදී තුවාල ලබා ඇති අතර ඉන් පසුව මොහු ක්‍රියාන්විත රාජකාරිවල නිරතව සිට නොමැත. පසුව 2007 වසරේදී ඔහු වෛද්‍ය හේතූන් මත සියලු වරප්‍රසාද සමගින් යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගොස් ඇත.

යුද්ධ හමුදා අධිකරණයක් අදිරියේ චෝදනා විභාග කර වරදකරුවකු වූ බවට කරුණු වසන් කරමින් නීතිඥ වෘතියට පිවිස ඇති හෙයින් එකී කරුණු මත ඔහු ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥයෙකු ලෙස කටයුතු කිරීම අත්හිටුවීම හෝ ධුරයෙන් ඉවත් කිරීමටද හැකියාව ඇති බවයි නීති විශාරදයින් පෙන්වා දෙන්නේ.

ajith prasannas charge sheet

sentencecourt martial

colombo today