නඩු දැම්මට වෛරයක් නෑ : ඒත් ඉස්සරහට බලාගමු - බැසිල් 

නඩු දැම්මට වෛරයක් නෑ : ඒත් ඉස්සරහට බලාගමු - බැසිල් 

තමන්ට  නඩු දැම්මට තමන්  කාටවත් වෛර කරන්නේ  නැති නමුත්  ඒවා අමතක කරන්නේ නැතුවා මෙන්ම  බොරු චෝදනා එල්ලපු කරපු,  නඩු දාපු අය ගැන ජනතාව ඉදිරියේදී තීන්දු කරනු ඇතැයි බැසිල් රාජපක්ෂ සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ  අනුරාධපුරයේ පැවති  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  ‘පොදු ජන රළ’ සම්මන්ත්‍රණ මාලාවේ ආරම්භක උත්සවයේදීය.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වු බැසිල් රාජපක්ෂ මහතා මෙසේ ද පවසා ඇත.

උතුරු මැද පළාතේ ජනතාව ගැන ලොකු කැක්කුමක් මහින්ද රාජපක්ෂ මහතාට තිබෙනවා.එදා කොටි ත්‍රස්තවාදින් විසින් කැබිතිගොල්ලැව ජනතාව ඝාතනය කළ අවස්ථාවේ ආරක්ෂක නිලධාරින් එපා කියද්දී කැබිතිගොල්ලෑවට පැමිණ ජනතාවගේ දුක සැප විමසා බැලුවා. එතුමා මොන වැඩක් ආරම්භ කළත් ඒ දේ කලේ අනුරාධපුරය මුල් කරගෙන. අපි එකයි මේ සම්මන්ත්‍රණ මාලාවත් අනුරාධපුරයෙන් පටන් ගත්තේ. 

ඔය  තර්ජනය විශේෂ මහාධිකරණයට !

මේ අයුරින් බැසිල් රාජපක්ෂ තර්ජනය කර සිටින්නේ විශේෂ මහාධිකරණ කටයුත්තට බව නීතිවේදීන් සඳහන් කරයි. කඩිනමින් අපරාධ නඩු අවසන් කිරීම සම්බන්ධව රාජපක්ෂලා අඛණ්ඩ විරෝධයක සිටි බවත් ගෝඨාභය රාජපක්ෂගේ නඩු කටයුතු වලින් ඇතැම් විනිසුරුවරුන් ඉල්ලා අස්වූ ආකාරයට මෙම අධිකරණයේ කටයුතුද බිය වද්දා අඩාල කිරීම රාජපක්ෂලාගේ මේ ප්‍රකාශ පසුපස තිබෙන අපේක්ෂාව බවද ඔවුන් පෙන්වා දෙයි.

බැසිල්ගේ සහ වියත් මගේ වෙනසක් නෑ !

බැසිල් රාජපක්ෂ මහතාගේ මේ ප්‍රකාශය සම්බන්ධව අදහස් දක්වන ආණ්ඩුවට සම්බන්ධ අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායකවරයකු සඳහන් කර සිටියේ වියත් මග සංවිධානයේ සිටින විශ්‍රාමික මිලිටරි ජෙනරාල්වරුන් සේම බැසිල් රාජපක්ෂද  අනාගතයේ මේ රට ලේ විලක් බවට පත් කිරීමේ සූදානමක සිටින බවට ඉහත ප්‍රකාශය හරහා තහවුරු වන බවය.

එසේම පැවති දුෂිත ඒකාධිපති පාලනය වෙනුවට නැවත හිට්ලර් පන්නයේ පාලනයක් සඳහා ජනතා අනුමැතියක් හිමිවනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවත් එහෙත් ආණ්ඩුවට එවැනි තත්වයකට රට පත්වීමට ඉඩනොදී වගකීම් සහගතව කටයුතු කිරීම අවශ්‍ය බවද ඔහු පෙන්වා දෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න