යුරෝපා කොමිසම ජනාධිපතිගෙන් කරුණු විමසයි  

යුරෝපා කොමිසම ජනාධිපතිගෙන් කරුණු විමසයි  

ලංකා රජය වසර 40කට පසු නැවතත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවට පවතින වාර්තා පිළිබදව පැහැදිලි කර ගැනීම සඳහා  යුරෝපා සංගමය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යොමු කර ඇති බව වාර්තා වෙයි. ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් දූත පිරිස, ශ්‍රී ලංකාවේ සිටින යුරෝපා සංගමයේ සාමාජික රටවල දූත පිරිස්, කැනඩා මහ කොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකාවේ නෝර්වේ රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස පොදු එකඟතාවක් යටතේ ජනාධිපතිවරයාට මෙම ලිපිය යවා තිබේ.  

එමෙන්ම තමන් ඕනෑම ආකාරයකින්, ඕනෑම වාතාවරණයක් යටතේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට දැඩිව සහ අවිවාදාත්මකව විරුද්ධත්වය පළ කරන බවද  යුරෝපා සංගමය ප්‍රකාශ කර ඇත.

මරණ දඬුවම කිසිසේත් මානව අභිමානයට හේතු නොවන බවත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අපරාධ වැළැක්වීමට හේතුවන බවට කිසිදු සාක්ෂයක් හෝ ඒ බව සනාථ වී නැති බවත් යුරෝපා සංගමය තම ලිපියෙන් දන්වා තිබේ. එමෙන්ම මරණ දඬුවම ක්‍රියාත්මක වීමේදී කිරීමේදී අධිකරණ ක්‍රියාවලියේ දී සිදුවන වැරදි මාරාන්තික සහ නොවැළැක්විය හැකි තත්ත්වයකට පත්වන බව ද එම ලිපියේ සඳහන් වේ.  එම තත්ත්වය යටතේ මෙතෙක් කලක් පවත්වාගෙන පැමිණි අයුරින් මරණ දඬුවම ක්‍රියාත්මක නොකරන්නැයි ද මරණ දඬුවමට එරෙහි වීමේ ශ්‍රී ලංකා සම්ප්‍රදාය ඉදිරියටත් පවත්වාගෙන යන්නැයි ද යුරෝපා සංගමය සිය ලිපිය මගින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න