මරණීය දණ්ඩන ලයිස්තුවේ අංක එකට කාන්තාවක් !

මරණීය දණ්ඩන ලයිස්තුවේ අංක එකට කාන්තාවක් !

බන්ධනාගාර තුළ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ මරණීය දණ්ඩනය නියම වී සිටින ලැයිස්තුවේ පළමුවෙන්ම සඳහන් වන්නේ කාන්තාවකගේ නමක් බවත්  එය කනගාටුවට කරුණක් බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ සඳහන් කරයි.
අම

ත්‍යවරිය මෙම අදහස් පළ කළේ  කහවත්ත ප්‍රදේශයේදී අද (16දා)  පැවති ස්වාභාවික ආපදාවන්ගෙන් විපතට පත් වූ ජනතාවට සහන සැලසීමේ වැඩසටහනකට එක්වෙමින්ය.

එහිදී තවදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරිය,

“ඒ කාලයේ පාතාලය රාජ්‍ය අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වුණා. අද කුවුරු අකමැති වුණක් කැමති වුණත් පාතාලය මර්දනය කරනවා. පාතාලය මෙහෙයවන කල්ලි කිහිපයක් කණ්ඩායම් කිහිපයක් අද ක්‍රියාත්මක වෙනවා. ඉඩම් මංකොල්ල කන පාතාලයක්, හොර ඔප්පු හදා ගෙන අහිංසක ජනතාවගේ ඉඩම් කොල්ලකන එකක් ක්‍රියාත්මක වෙනවා. තවත් පාතාලයක් තියෙනවා හොටල් පාතාලය. ඒක හික්කඩුව වැනි ප්‍රදේශවල ක්‍රියාත්මක වෙන්නේ. කිසි කෙනෙකුට ඒ පළාත්වල හෝටල් පටන් ගන්න බැහැ. තවත් ප්‍රදේශවල වාහන මංකොල්ල පාතාලය ක්‍රියාත්මක වෙනවා. මේවා අපි නැති කරන්න කටයුතු කළ යුතුයි.

මේ රටේ කුඩු වැඩියෙන්ම එහාට මෙහාට ගෙන යන්නේ කාන්තාවන් වීම පිළිබඳව කනගාටු වෙනවා. දැන් බන්ධනාගාරයත් අයිති නිසා එහි කටයුතු පිළිබඳව දන්නවා. බන්ධනාගාරයට ගියාම ජීවිතය එපා වෙනවා. මත්කුඩු ජාවාරමේ තවදුරටත් නිරත වන මරණීය දණ්ඩනය නියම වෙලා ඉන්න අයට එම දඬුවම ක්‍රියාත්මක කරන්න ඕන කියලා ජනාධිපතිතුමා කිවුවා. ඒ ලැයිස්තුව ඉල්ලලා යවපුවාම කනගාටුවෙන් කියන්න ඕන ඒකෙත් පළවෙනියාටම ඉන්නේ කාන්තාවක්.

මේ රට අපි භාර ගන්න කොට නීතිවිරෝධී සංක්‍රමණික පාරාදීසයක්. අපේ රට මත්ද්‍රව්‍ය කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙලා තිබුණා. මේකට නිලධාරීන් සම්බන්ධයි. ඇතැම් බන්ධානාගාර නිලධාරීන් සම්බන්ධයි. ඇතැම් පොලිස් නිලධාරීන් සම්බන්ධයි. හිතන්නේවත් නැති අය මේ ව්‍යාපාරයට සම්බන්ධ වෙලා ඉන්නවා. අපි කරන්නේ හරි දේ. වැලිකඩ බන්ධනාගාරය තුළ තමයි මත්කුඩු ජාවාරම මෙහෙය වන්නේ කියලා පුවත්පතක මුල් පිටුවේ පළ වෙලා තිබුණා. හැම අභියෝගයකටම මුහුණ දීලා මේ රටේ පාතාලය, මත්කුඩු ජාවාරම මර්දනය කරන්න කටයුතු කරනවා" යැයිද අමාත්‍යවරිය සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න