විවාදය මඟහැර මහින්ද රට පැන්නාද ?

විවාදය මඟහැර මහින්ද රට පැන්නාද ?

චීන සමාගමකින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඩොලර් මිලියන 7.6ක මුදලක් තම මැතිවරණ ව්‍යාපාරය සඳහා ලබාගත් බවට නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතෙහි පළ වූ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය අද (19) දිනයේ පැවැත්වීමට නියමිතව ඇත.

පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට එක්සත් ජාතික පක්ෂය විසින් කල් තැබීමේ යෝජනාවක් ලෙස අදාළ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිත අතර ඒ අනුව අද පෙරවරු 10.30 සිට දිනය පුරා මෙම විවාදය පැවැත්වීමට සැළසුම් කර ඇත.

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතෙහි පළවූ අදාළ වාර්තාව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු මෙම විවාදයේදී ඉදිරිපත් කරන බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා ඇතුළු ආණ්ඩුවේ නියෝජිතයන් කිහිපදෙනෙකු සඳහන් කර සිටියි.

එසේම ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකද මීට පෙර අවධාරණය කර සිටියේ හිටපු ජනාධිපති චීන සමාගමෙන් මුදල් ලබාගත් ආකාරය සම්බන්ධව පාර්ලිමේන්තුවේදී  සියල්ල අනාවරණය කිරීමට තම පාර්ශවය කටයුතු කරන බවය.

මේ අතර ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් මාධ්‍යවෙත අදහස් දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රී  දිනේෂ් ගුණවර්ධන සඳහන් කරන්නේ අදාළ විවාදයට සාර්ථකව මුහුණදීමට තමන් සූදානම් බවය. 

කෝ මේ මහින්ද ?

කෙසේ නමුත් ගැටළුවකට ඇත්තේ මෙම විවාදයේ මුලික නිමිත්ත මෙන්ම නිව්යෝර්ක් ටයිම්ස් පුවතට අදාලව මුලික චෝදනා ලබා ඇති හිටපු ජනාධිපතිවරයා මෙම විවාදය සඳහා මුහුණ නොදී විදෙස්ගතව තිබීමය.

මෙම විදෙස්ගතවීම ගැන  එම පාර්ශවය දැනුම්දී ඇති ආකාරයට එය පෞද්ගලික සංචාරයක්ය. 

මේ සම්බන්ධව ප්‍රතිචාර දක්වන දුෂණ විරෝධී සංවිධාන පෙන්නුම් කර සිටින්නේ හිටපු ජනාධිපතිවරයා මෙම පාර්ලිමේන්තු විවාදය මඟ හැරීම බරපතල සැකසංකා මතුකරන කාරණයක් වන බවය. මෙතරම් චරිතයට හානි කරන සහ රටද අපකීර්තිමත් වන චෝදනාවකට ලක්ව ඇති පසුබිමක තමන් නිවැරදි නම් පාර්ලිමේන්තුවේදී ඒ බව තහවුරු කිරීමට හිටපු ජනාධිපතිට අවස්ථාව තිබු බවත් එහෙත් එම අවස්ථාව මඟහැරීම තුළ පෙන්නුම් කරන්නේ දුෂණ පිටුදැකීම සම්බන්ධව පමණක් නොව අදාළ චෝදනා වලට මුහුණදීමට ඔහුට ඇති නොහැකියාව බවද දුෂණ විරෝධී සංවිධාන සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න