නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දුට තහනමක් ! 

නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දුට තහනමක් ! 

නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මියගේ සාමාජිකත්වය තාවකාලිකව තහනම් කිරිමට මාසික රැස්වීමේ දී ඒකමතිකව තීරණය කළ බව හලාවත නිතිඥ සංගමය සඳහන් කරයි.

එම සංගමය සඳහන් කරන ආකාරයට විවිධ අවස්ථාවල දී නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මිය විසින් මෙරට අධිකරණ පද්ධතියටත් විනිසුරුවරුන්ටත් මෙරට සිටින නීතිඥවරුන්ට හා හලාවත නීතිඥ සංගමයේ ඇතැම් සාමාජිකයින්ටත් අපහාස වන ලෙසින් විවිධ ප්‍රකාශ කර ඇති බවට තම සංගමයට ලද පැමිණිලි අනුව සභා රැස්වීමේ දී මේ තීරණය ගෙන තිබේ.

තවද වැඩිදුරටත් වාර්තා වන ආකාරයට නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මිය විසින් කර ඇති ප්‍රකාශයන් සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා ගැනීමට හලාවත නීතිඥ සංගමයේ   ජ්‍යෙෂ්ඨ නීතීඥවරුන් පස් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක්  පත්කර ඇති අතර එම වාර්තාව ලැබෙන තෙක් ඇගේ සංගමයේ සාමාජිකත්වය තාවකාලිකව තහනම් කිරිමටත් ඔවුන් විධිමත් පරික්ෂණයක් සිදුකර වාර්තාව ලබාදුන් පසු නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මියගෙන් කරුණු විමසීමක් සිදුකිරීමටත් නියමිතව ඇත.

ඒ අනුව  සාමාජිකත්වය තහනම් කර ඇති කාල සීමාව තුළ දි නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මිය වෙත හලාවත නීතීඥ  සංගමය මගින් සිය සාමාජිකයින්ට ලබාදෙන කිසිදු වරප්‍රසාදයක් පහසුකම් ලබාගත නොහැකි වන බවද ඔවුන් දැනුම්දී සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න