ලංකා රජයෙන් සන්තෝසම් ගත්ත බ්‍රිතාන්‍ය මන්ත්‍රීට වැඩ වරදියි ! 

ලංකා රජයෙන් සන්තෝසම් ගත්ත බ්‍රිතාන්‍ය මන්ත්‍රීට වැඩ වරදියි ! 

ශ්‍රී ලංකාවේ සංචාරය කරමින් එහි සිදුවන  කටයුතු ජාත්‍යන්තරය හමුවේ ජනප්‍රිය කරවීම වෙනුවෙන් ලංකා රජයෙන්  දීමනාවක් ලබාගැනීම සහ ඒ පිළිබඳ බලධාරීන් දැනුවත් නොකිරීම සම්බන්ධව චෝදනා ලැබූ  බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුගේ මන්ත‍්‍රී ධූරය මසක කාලයක් සඳහා අත්හිටුවීමට බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

බෙල්ෆාස්ට් ටෙලිග‍්‍රාෆ් පුවත් සේවය ඊයේ  (19) මේ සම්බන්ධව වාර්තා කර ඇති අතර ඊට අනුව 2013 වසරේදී එරට පාලක කොන්සර්වේටිව් පක්ෂයේ හවුල්කාර පක්ෂයක් වන ‘‘ ඩිමොක‍්‍රටික් යූනියස්ට් ’’ පක්ෂයේ මන්ත‍්‍රීවරයෙකු වන ඉයන් පේස්ලිගේ මෙලෙස මාසයක කාලයක් සඳහා මන්ත‍්‍රී ධූරය අත්හිටවනු ලැබ ඇත. මේ සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ කමිටුව විමර්ශණයක් සිදුකළ අතර එමඟින් තීරණය කර ඇත්තේ ලබන සැප්තැම්බර් 04 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි මාසයක කාලයක් ඉයන් පේස්ලි ගේ මන්ත‍්‍රී  ධූරය අත්හිටුවීමටය. 

එම මන්ත‍්‍රීවරයා විසින් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව සිය පවුලේ සාමාජිකයින් සමඟ 2013 වසරේදී මෙරට සංචාරය කළ බවට චෝදනා එල්ල වී තිබිණි.ඒ සඳහා එවකට පැවති ශ්‍රී ලංකා රජය පවුම් ලක්ෂයක මුදලක් වියදම් කර ඇති බවට 2017 වසරේ සැප්තැම්බර් මාසයේදී අනාවරණය වී ඇත. 

2014 වසරේදී ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් වූ යෝජනාවට විරුද්ධ වන ලෙස ඉල්ලා එවකට බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍යවරයාව සිටි ඬේවිඞ් කැමරන්ට ලිපියක් ද යොමු කළේ ඉයන් පේස්ලි ජූනියර් විසිනි. ශ්‍රී ලංකා රජයේ අනුග‍්‍රහයෙන් ශ්‍රී ලංකාවේ සිදුකළ සංචාරයේදී ඔහු එවකට බලයේ සිටි රජයේ ඉහළ පෙලේ නියෝජිතයන් ද මුණ ගැසී ඇති බවද බි‍්‍රතාන්‍ය මාධ්‍ය විසින් වාර්තා කර තිබිණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න