ආචාර්ය දීපිකා උඩුගමට මරණ තර්ජන : පොලිස්පතිගෙන් පරීක්ෂණයක් !

ආචාර්ය දීපිකා උඩුගමට මරණ තර්ජන : පොලිස්පතිගෙන් පරීක්ෂණයක් !

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනී ආචාර්ය දීපිකා උඩගම මහත්මියට එරෙහිව කරන ලද ද්වේශ සහගත ප්‍රකාශය තරයේ හෙළා දකින බවත් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවත්වීමට පොලිස්පති වෙත උපදෙස් ලබා දී ඇති බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

නිවේදනයක් නිකුත්කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය මේ බව සඳහන් කරන අතර  ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට අනුකූලව පත් කරන ලද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ස්වාධීනව ක්‍රියාත්මක වන ආයතනයක් බවද එහි සිහිපත්කර ඇත.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනිය මේ ආකාරයෙන් ප්‍රසිද්ධියේ තර්ජනයට ලක්වීමත් සහ එවැනි වගකීම් රහිත ප්‍රකාශනයන් මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ඉස්මතු කිරීමත්, බරපතල කාරණයක් වන බවය.

සභාපතිනියගේ හා මානව හිමිකම් කොමිෂන් සභාවේ අනෙකුත් කොමසාරිස්වරුන්ගේ හා කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කරන ලෙසටත් පොලිස්පති වෙත තවදුරටත් උපදෙස් ලබා දී තිබෙන බවද එහි සඳහන්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න