“ වැව් දහසක් -ගම් දහසක්” වැඩසටහනේ දෙවන අදියර අද   

“ වැව් දහසක් -ගම් දහසක්” වැඩසටහනේ දෙවන අදියර අද   

“ වැව් දහසක් -ගම් දහසක්” වැඩසටහනේ දෙවන අදියර  වශයෙන් වැව් 371 සිට 500ක් දක්වා ක්‍රියාත්මක  කිරීමට අද  (20) දින අගුණුකොළපැස්ස, යකාගල කුඩා වැවේ සිට ආරම්භ කිරීමට නියමිතව ඇත.

 එම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ඇතුළු ප්‍රදේශයේ  දේශපාලඥයන් රැසක්  සහභාගී වීමට නියමිත ය.
 කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර තිබෙන කඩිනම් කෘෂිකාර්මික සංවර්ධන  වැඩපිළිවෙලේ “ වැව් දහසක් -ගම් දහසක්” සංවර්ධන වැඩසටහනේ පළමු අදියර පසුගියදා  නිකවැරටිය මහගිරිල්ල මහවැවේ දී ආරම්භ විය.

 පළමු අදියරේදී වැව් 370ක ප්‍රතිසංවර්ධන කටයුතු ආරම්භ වූ අතර දිවයින පුරා පිහිටි ග්‍රාම සේවා වසම් 370ක එම වැඩපිළිවෙල ක්‍රියාත්මක විය.
“වැව් දහසක් -ගම් දහසක්” වැඩපිළිවෙල  යටතේ වැව් සහ වැව් අවට යටිතල පහසුකම් සංවර්ධනය කෙරේ .ඊට අමතරව ගොවි ජනතාවගේ ජීවනෝපාය නඟා සිටුවීම, කෘෂි මාර්ග සංවර්ධනය කිරීම, ගෙවතු වගා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, පලතුරු පැළ රෝපන වැඩසටහන් වැනි ව්‍යාපෘති රැසක්  ක්‍රියාත්මක කිරීමට යෝජිත ය.

“වැව් දහසක් -ගම් දහසක්” ව්‍යාපෘතිය සඳහා වැය කිරීමට යෝජිත මුදල රු.මි.9000කි. මීට අමතරව අතිගරු ජනාධිපතිතුමන්ගේ ʻග්‍රාම ශක්තිʼ වැඩපිළිවෙල යටතේ වැව් ප්‍රතිසංස්කරණය සඳහා රු.මි.12,500ක් ද රජය විසින් ක්‍රියාත්මක කරන “ගම්පෙරළිය” වැඩසටහන යටතේ ද වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙලක් අරඹා ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර  පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න