වැලිකඩ ඝාතනය : එමිල් සහ රංගජීවට ඇප නෑ ! 

වැලිකඩ ඝාතනය : එමිල් සහ රංගජීවට ඇප නෑ ! 

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන්  27 දෙනෙකු  ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව සැකපිට රිමාන්ඩ් බාරයට පත් කර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව සහ බන්ධනාගාර කොමසාරිස් වරයෙකු වන එමිල් රන්ජන් ළමාහේවා විසින් ඉදිරිපත් කල ඇප ඉල්ලීම් කොළඹ මහාධිකරණය  ප්‍රතික්ෂේප කර ඇත.

ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය දන්වා ඇත්තේ මෙය භාරදූර පරීක්ෂණ කටයුත්තක් බවත් සිදුකරගෙන යන විමර්ශන වලදී මෙම අපරාධය සම්බන්ධයෙන් විවිධ තොරතුරු හෙළිදරව් වෙමින් පැවතීම හේතුවෙන් එම අවස්ථාවේදී සැකකරුවන්ට ඇප නියම කලොත්  ඉදිරි පරීක්ෂණවලට බාධා සිදුවිය හැකි බවත්ය.

සැකකරුවන් වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු  අධිකරණයට පවසා ඇත්තේ සිරකරුවන් ඝාතනයට මෙම සැකකරුවන් සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් අනාවරණ වී නොමැති බවත් මෙම සැකකරුවන්ට ඇප ලබා දුන්නොත් කිසිදු මහජන කැලඹීමක් ඇති වීමටද හැකියාවක් නොමැති බවත් ය.

නමුත් එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් මාධව තෙන්නකෝන්  අධිකරණයට දන්වා සිටියේ එම සැකකරුවන් දෙදෙනා මිනීමැරිම ,මිනී මැරීමට කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීමට සම්බන්ධ බවට පරීක්ෂණවලදී තොරතුරු අනාවරණය වී ඇති බවයි.

එම අවස්ථාවේදී සැකකරුවන්ට ඇප ලබා දුන හොත් ඉදිරි පරීක්ෂණවලට බාධා සිදුවීමට මෙන්ම සාක්ෂි වලට බලපෑම් එල්ල වීමටද ඉඩකඩ පවතින බව ජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පෙන්වාදී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න