මහින්ද ඉයන් ෆේස්ලිට පවුම් 230,000ක් දීලා !

මහින්ද ඉයන් ෆේස්ලිට පවුම් 230,000ක් දීලා !

බ්‍රිතාන්‍ය ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රී ඉයන් පේස්ලි මහතා වෙත 2013 වසරේ දී පසුගිය පාලන සමයේ පවුම් 230,000ක මුදලක් ලබා දී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක සඳහන් කරයි.

මන්ත්‍රීවරයා මේ බව අනාවරණය කර සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  චීන සමාගමක් වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 7.6ක් ලබාගෙන ඇති බවට  නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සිදුකළ අනාවරණය සම්බන්ධව ඊයේ (19)  පාර්ලිමේන්තුවේ පැවති විවාදය අවස්ථාවේදීය.

අවස්ථා දෙකක දී මෙම මුදල් ප්‍රමාණය ඉයන් ෆේස්ලි මහතා වෙත ලබා දී ඇති බවත් මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව දැනුවත් නොකිරීම හේතුවෙන් ඉයන් ෆේස්ලි මහතාට මසක කාලයක් පාර්ලිමේන්තුව අත්හිටුවීමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව කටයුතු කළ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එමෙන්ම ඉයන් ෆේඩ්ලි මහතාට පැවරු වගකීම ඉටු කිරීම වෙනුවෙන් පසුගිය රජය ඒ මහතාට හා පවුලේ උදවියට ශ්‍රිලංකාවට පැමිණීමට හා සංචාරය සඳහා අවස්ථාව ලබා දී ඇති බවත් බිමල් රත්නායක මන්ත්‍රීවරයා  සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න