රාජපක්ෂ කෞතුකාගාරයේ මුදල් නැවත ගෙවීමෙන් : ගෝඨා අමාරුවේ ! 

රාජපක්ෂ කෞතුකාගාරයේ මුදල් නැවත ගෙවීමෙන් : ගෝඨා අමාරුවේ ! 

වීරකැටියේ රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා පහත්බම් සංවර්ධන මණ්ඩලයේ මුදල් වියදම් කර එම මුදල් ආපසු ගෙවීමෙන් මූල්‍ය අපරාධ වරදක් කර ඇති බවට පිළිගැනීමක් සිදුකර ඇතැයි 'රාවය' වාර්තා කරයි.

මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ ආරක්ෂක හා නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් තමන් යටතේ පාලනය වූ ශ්‍රී ලංකා පහත්බිම් ගොඩ කිරීමේ සංවර්ධන මණ්ඩලයේ  මුදල් යොදවා ඔහුගේ මව්පියන්ගේ කෞතුකාගාරය ඉදිකිරීම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයෙන් විමර්ශන සිදු කරද්දි අදාළ මුදල් ගෙවා තිබීම නිසා චූදිතයින් වරදින් නිදහස් වේදැයි රාවය නීතිවේදීන් කිහිප දෙනෙකුගෙන් විමසූ විට ඔවුහු මෙසේ පවසා ඇත.

පහත්බිම් සංර්ධන මණ්ඩලය වියදම් කර ඇති මුදල රුපියල් මිලිය 34 කට ආසන්න වන අතර පරීක්ෂණ ආරම්භ වූ පසු වාර දෙකකදී ඉඩම් ගොඩ කිරීමේ සංවර්ධන මණ්ඩලයේ ගිණුමට බැරකර තිබේ. තංගල්ල මහජන බැංකුවේ පවත්වාගෙන යන ඩී.ඒ. රාජපක්ෂ පදනමේ ගිණුම් අංක 067-1-001-7-553413 දරණ ගිණුමෙන් 2015-08-31 දින රුපියල් මිලියන 25 ක්ද 2017-07-13 දින මිලියන 8.9 (8944741.60) ද මේ අයුරින් ගෙවා ඇති බව හෙළිවේ.

පසුගියදා පොලිස් අපරාධ කොට්ඨාසයට ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි ගෝඨාභය රාජපක්ෂද පහත්බිම් සංවර්ධන මණ්ඩලයේ මුදල් ගෙවා ඇති බව ප්‍රකාශ කර තිබුණි. පහත්බිම් ගොඩ කිරීමේ මණ්ඩලයට ගෙවූ මුළු මුදල රුපියල් මිලියන 33.9 (33944741.60) ක් වුවද මෙම ඉදිකිරීම සඳහා නාවික හමුදාවේ ශ්‍රමයද එකතු කළ විට මුළු මුදල රුපියල් මිලියන 90 කට ආසන්න බව ගණන් බලා තිබුණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න