මහින්ද ඒකාබද්ධ විපක්ෂයේ කටවල් බැඳලා  !  

මහින්ද ඒකාබද්ධ විපක්ෂයේ කටවල් බැඳලා  !  

පොදු අපේක්ෂකයෙකු පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයට සමීප කණ්ඩායම විසින් ගෙනගිය සාකච්ඡාව නවත්වන ලෙස මහින්ද රාජපක්ෂ මහතාගෙන් උපදෙස් ලැබී ඇතැයි එම කණ්ඩායමේ ආරංචි මාර්ග පවසයි.පොදු අපේක්ෂක සංවාදය හේතුවෙන් කණ්ඩායමේ බෙදීම් සමාජගත වෙන නිසා එම සාකච්ඡාව නවත්වන ලෙස උපදෙස් දී ඇති බව ඒකාබද්ධ විපක්ෂයට සමීප පක්ෂ නායකයෙක් අප සමඟ පැවැසීය.

ඒකාබද්ධ විපක්ෂය තුළ සිටින ගෝඨාභය රාජපක්ෂට හිතවත් කණ්ඩායමට මෙන්ම ඔහුට විරුද්ධව සිටින ඒකාබද්ධ විපක්ෂයේ වාමාංශික සහ මධ්‍යස්ථ මතධාරී කණ්ඩායම්වලට ද ඒ සංවාදය නවත්වන ලෙස මහින්ද රාජපක්ෂ මහතාගෙන් උපදෙස් ලැබී ඇත. ඒ තීන්දුව තමා විසින් ගන්නා බවත් එතෙක් ඉවසන ලෙසත් ඔහු දැනුම් දී ඇත.

පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට මහින්ද රාජපක්ෂ මහතා විසින් තීරණය කර ඇති බවට මාධ්‍ය නිවේදනයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය හරහා සංසරණය වීමත් එය ව්‍යාජ එකක් බවට ගෝඨාභය රාජපක්ෂ විසින්ම ප්‍රකාශයට පත් කිරීමත් එම උපදෙස්වල ප්‍රතිඵලයක් බව වාර්තා වෙයි.

(අනිද්දා)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න