ඉන්දීය ආණ්ඩුවෙන් මඩකලපුව දිස්ත්‍රික්කට වැසිකිලි 3400 ක්

ඉන්දීය ආණ්ඩුවෙන් මඩකලපුව දිස්ත්‍රික්කට වැසිකිලි 3400 ක්

මඩකලපුව දිස්ත්‍රික්කයේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නඟා සිටුවීම සඳහා  වැසිකිලි 3400 ක් ලබාදීමට ඉන්දීය ආණ්ඩුව එකඟත්වය පළ කර ඇත.
ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලී සාබ්දීන් සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩී.කේ.රේණුකා ඒකනායක සහභාගිත්වයෙන්  ඒ සඳහා ගිවිසුම ඊයේ (19) කොළඹ දී අත්සන් කරන ලදි.

ඒ අනුව  ඉන්දියානු රුපියල් මිලියන 300 ක් පමණ ලබා දීමට ඉන්දීය ආණ්ඩුව එකඟ වී ඇත.

එමෙන්ම මේ අවස්ථාවට සහභාගි වෙමින් නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලී සාබ්දීන් සඳහන් කළේ  ඉන්දියාව, ලංකාවේ රෝහල්, පාසල් නගා සිටුවීමට විශාල ලෙස උපකාර කළ රටක් ලෙසත් මෙම ගිවිසුම අනුව මෙම වැසිකිලි 3400 මඩකලපුව දිස්ත්‍රික්කය පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 16 ට ඇතුළත් වන ලෙස නඟා සිටුවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න