අධිවේගී මාර්ග හැදිල්ල ප්‍රවාහන ප්‍රශ්නයට විසඳුමක් නෙවෙයි - අපේ ශ්‍රී ලංකා 

අධිවේගී මාර්ග හැදිල්ල ප්‍රවාහන ප්‍රශ්නයට විසඳුමක් නෙවෙයි - අපේ ශ්‍රී ලංකා 

රජය අධිවේගී මාර්ග ඉදිකිරීමේ මුවාවෙන් රටේ ප්‍රවාහන අර්බුධය උග්‍ර කරමින් සිටින බවට අපේ ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය චෝදනා කරයි. 

ඊයේ (19) කොළඹ දී පැවතී මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් එම සංවිධානයේ සභාපති විමුක්ති දුෂාන්ත ප්‍රකාශ කර සිටියේ පැවති ආණ්ඩුව මෙන්ම වත්මන් ආණ්ඩුව ද උපායමාර්ගික සංවර්ධනය පසකලා ජනප්‍රිය සහ විනිවිදභාවයෙන් තොර සංවර්ධන ව්‍යාපෘති තම ප්‍රමුඛතාවයේ තබා ගෙන ඇති බවයි. 

එහිදී මධ්‍යම අධිවේගී මාර්ගය වැනි ව්‍යාපෘති සඳහා අධික වශයෙන් ණය ගැනීම වෙනුවට පවතින මහා මාර්ග භාවිතා කරමින් ගුණාත්මක සහ සුව පහසු ප්‍රවාහන සේවාවක් ගොඩනැගිය යුතු බව ද ඔහු කියා සිටියේ ය. 

දක්ෂිණ සහ කටුනායක අධිවේගී මාර්ගය ඉදිකිරිම වෙනුවෙන් ඩොලර් බිලියන 2082ක් පමණ වියදම් කර ඇති මුත් වාර්ෂික ආදායම ඩොලර් මිලියන 56.25 පමණ වන අධිවේගී මාර්ග දෙකෙහි නඩත්තු ඇතුළු වියදම් සහ ණය පොලි වාරික ගෙවීමට තබා ඒ වෙනුවෙන් වියදම් කල මුදල ලබා ගැනීමට ද වසර 40ක්  පමණ ගතවන බව පෙන්වා දුන්නේය. 

පොදු ප්‍රවාහන සේවාව දියුණු කිරීමෙන් විනා පැලැස්තර විසඳුම් තුලින් පලක් නොවන බව එහිදී අදහස් දක්වමින් අපේ ශ්‍රී ලංකා සංවිධානයේ ලේකම් රුසිරු එගොඩගේ පෙන්වා දුන් අතර කොළඹ නගරයේ පමණක් දිනකට රුපියල් බිලියනයක් පමණ මාර්ග තදබාධය හේතුවෙන් අහිමි වන බව ද පෙන්වා දුන්නේය. 

මාර්ග තදබදය හේතුවෙන්  මුදල් පමණක් නොව ශ්‍රම බලකායේ ශ්‍රම පැය ලක්ෂ ගණනාවක් ද අහිමි වන බව පෙන්වා දුන් අතර බහු කාර්ය ප්‍රවාහන මධ්‍යස්ථාන, මොනෝ රේල් සහ වත්මන් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇති සුඛෝපභෝගී බස් සේවාව වැනි ක්‍රම හරහා පොදු ප්‍රවාහනය දියුණු කල හැකි බව ද පෙන්වා දුන්නේය. 

මාධ්‍ය හමුව අවසානයේ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දුන් සභාපති විමුක්ති දුෂාන්ත  ප්‍රකාශ කලේ බැංකොක්, හොංකොං වැනි නගර පමණක් නොව අසල්වැසි රටවල් පවා තම රටට ගැලපෙන උපක්‍රම තුලින් පොදු ප්‍රවාහන සේවය දියුණු කරමින් සිටිය ද ලංකාවේ තත්වයය ඛේදවාචකයක් වන බවයි. 

එසේම ලොරි එන්ජින් තැබූ බස් බොඩිවලින් ගුණාත්මක ප්‍රවාහන සේවාවක් බිහිකිරීම විහිළුවක් බව පැවසු ඔහු පුද්ගලික බස් සමාගම් විසින් බස් මගීන් සුරා කමින් සිටින බව ද පෙන්වා දුන්නේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න