ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ගැන : ඇමති සාගල කරුණු පහදයි !

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ගැන : ඇමති සාගල කරුණු පහදයි !

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය එම ස්ථානයෙන්  ඉවත් නොකරන බවත්, අනවසරයෙන් ඉදිරිකරන ලද ක්‍රීඩාගාරය පමණක් ඉවත් කරන බවත් ව්‍යාපෘති කළමනාකරණ, තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක අද (20)  පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

ඒ අනුව ජාතික හා ජාත්‍යන්තර තරග ඉදිරියටත් ගාලු ක්‍රීඩාංගණයේ පැවැත්වෙනු ඇති බවත් එයට අමතරව උසස් මට්ටමේ තවත් ක්‍රිකට් ක්‍රිඩාංගණයක් ද ගාලු දිස්ත්‍රික්කයේ ඉදිකිරීමට නියමිත බවත් අමාත්‍යවරයා සඳහන් කර ඇත.

පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍ය සාගල රත්නායක සිදුකළ කරුණු දැක්වීම මෙසේය.

"අපි ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ඉවත්කරන්නේ නැහැ. ප්‍රශ්නය තියෙන්නේ ගොඩනැගිල්ලක් දෙකක් පිළිබඳව පමණයි. අපි කටයුතු කරන්නේ ඒ ප්‍රශ්නය විසඳ ගන්නයි. චන්දිම වීරක්කොඩි මන්ත්‍රීතුමා කතා කළා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය ඉදිකිරිම සඳහා කොග්ගල ප්‍රදේශයේ ඉඩමක් හඳුනාගත්තා කියල ඒ සැලැස්ම අපි අත්හැරලා නැහැ. අපි බලනවා ඒ සැලැස්ම සාර්ථකව ක්‍රියාත්මක කරන්න. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුක්ත ඉතා උසස් මට්ටමේ තවත් ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ඇතිකරනවා. නමුත් මේ ගාල්ල නගරයේ මැද තියෙන ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත්කරන්න කිසිලෙසකත් කටයුතු කරන්නේ නැහැ. ඒක ඒ විදියටම පවත්වන්නත් එය තවදුරටත් දියුණු කරන්නත් කටයුතු කරනවා වගේම පාසල් ක්‍රිකට් තරඟ සහ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ පැවැත්වීමට අවශ්‍ය අවස්ථාව වලදී ලබාදීමටත් කටයුතු කරන්න පුළුවන් වෙනවා. දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමත් මේ පිළිබඳව හොඳින් කතා කළා එතුමා කිව්වේ අද තියෙන තාක්ෂණයත් එක්ක අවශ්‍ය ඕනෑම වෙලාවක පවතින නැරඹීම් පහසුකම් ඇතිකිරීමට වගේම ඉවත්කරන්නත් පුළුවන් කියන කාරණයයි. ඉතින් ඒ විදියටටයි අපි ඉදිරියට කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න