Language Switcher

V2025

සැලසිනේ හිටපු සභාපතිට විවෘත වරෙන්තුවක් !

සැලසීනේ ආයතනයේ හිටපු  සභාපතිවරයෙකු වන  ප්‍රදීප් කුමාර එදිරිසිංහ මහතා  අත්අඩංගුවට ගෙන අධීකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක අද (20) විවෘත වරෙන්තුවක් නිකුත් කර ඇති බව වාර්තා වෙයි.

ඒ රුපියල් දහනව ලක්ෂ විසිපන්දහස් නවසීයක මුදලක් පෞද්ගලික ආයතනයක ලබාදෙමින් අවභාවිතා කළැයි කියන චෝදනාවට අදාළව විමර්ශනය අධිකරණය හමුවේ විභාග වුවත් සැකකරු මේ වන විට විදේශ ගතව සිටීම හේතුවෙන්ය.

අධි චෝදනා ගොනු කළ හැකි වරදක් සිදු කර ඇති බැවින් සැකකරුට වරෙන්තු නිකුත් කරන ලෙස මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට  කළ කරුණු සැලකිල්ලට ගෙන අදාළ වරෙන්තුව නිකුත්කර ඇත.