බැංකුවලට තියන නරක පුරුද්දක් ගැන මංගල කියයි 

බැංකුවලට තියන නරක පුරුද්දක් ගැන මංගල කියයි 

මෙරට  බැංකු කරා පැමිණෙන ව්‍යවසායකයින්ට කොතරම් දුරට හොඳ අදහසක් හෝ වැඩපිළිවෙලක් තිබුණ ද ඇපකරුවන්, ඉඩකඩම් නොමැති වීම ආදී කරුණු මත ඔවුන් යළි හරවා යවන බවත්, බොහෝ බැංකු පුරුදු වී ඇත්තේ දෙනවාට වඩා නොදී සිටීමට ක්‍රම සෙවීමට බවත් මුදල් හා ජනමාධ අමාත්‍ය මංගල සමරවීර  පවසයි. 

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මහජන බැංකු මූලස්ථානයේ දී එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කවුළුව විවෘත කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් ය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර,

“සමහර ණය යෝජනා ක්‍රම තියෙනවා, පොළිය 100% ක්ම ගෙවන්නේ ආණ්ඩුවෙන්. උදාහරණයක් විදියට උපාධිධාරීන්ට ලක්ෂ 15 ක් දෙනවා අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න. කිසිම පොළියක් ගන්නේ නැහැ. රජයක් හැටියට අපි ඒ අදාළ පොළිය බැංකුවට ගෙවනවා. ඒ වගේම තව සුළු ණය යෝජනා ක්‍රමවල සිට මිලියන 600-700 දක්වා 6.75% වැනි සුළු පොළියකට ඒ මුදල් තමුන්නාන්සේලාට ලබා දෙනවා. ඒවායෙනුත් 75% ක් විතර පොළිය ගෙවන්නේ රජයේ මැදිහත් වීමෙන්. අද සංකේතාත්මකව ණය ලබා දීමේ දී මිලියන 170 කට අධික මුදලක් එක්තරා කර්මාන්තයකට ලබා දුන්නා. “අපි දකින්න කැමතියි ලංකාව තුළ කාන්තා ව්‍යවසායකයින් තවත් විශාල වශයෙන් බිහිවෙනවා. දැනට ප්‍රකාශයට පත් කර ඇති පොළී සහනයට වඩා තවත් 10% ක් සහන ලබා දෙනවා. මේ වසර ඇතුළත දී ව්‍යවසායකයින් ලක්ෂයක් බිහිකරන්න පුළුවන් වේවි. ඒ කටයුත්තේ දී බැංකුවත් අලුත් විදියට හිතන්න වෙනවා.“

“ගොඩක් බැංකු පුරුදු වෙලා තියෙන්නේ, දෙනවාට වඩා නොදෙන ක්‍රම හොයන්න. කෙනෙක් බැංකුවට ආවොත්, තමන් ළඟ කොච්චර හොඳ අදහසක් තිබුණත්, කොයිතරම් නිර්මාණශීලී වැඩපිළිවෙලක් තිබුණත්, තමන්ට ගැරන්ටි කරන්න අය නැත්නම්, ඉඩකඩම් නැත්නම් බොහෝ වෙලාවට ඒ අය හරවලා යවනවා.“

“නමුත් අපි දැනටමත් බැංකුවලින් ඉල්ලීමක් කරලා තියෙනවා. විශේෂයෙන්ම දෙන විදියට කතා කරලා, මූලිකත්වය ව්‍යාපෘති වාර්තාවට දෙන්න කියලා. ඊට පස්සේ ඒකේ අඩුපාඩු තියෙනවා නං ඒක හදා ගන්න, එන පුද්ගලයාට අපි උපදෙස් දෙන්න ඕනේ. ඒ නිසා තමයි අපි කිව්වේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කවුන්ටරයක් වෙනම හදන්න.“

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න