යුරෝපා සංගමය උත්තර ඉල්ලයි

යුරෝපා සංගමය උත්තර ඉල්ලයි

ශ්‍රී ලංකා රජය විසින් මත්ද්‍රව්‍ය අපරාධකරුවන්ට මරණීය දණ්ඩනය ලබා දීම ක්‍රියාත්මක කරනු ලැබුවහොත් එය ශ්‍රී ලංකා‍වට  GSP + බදු සහනය ලබා ගැනීමට ස්ථීර වශයෙන්ම බාධාවක් වනු ඇතැයි යුරෝපා සංගමයේ දේශපාලන, වෙළෙඳ හා සන්නිවේදන අංශ ප්‍රධාන පෝල් ගොඩ්ෆ්‍රි මහතා රාවයට පැවසීය.

මරණ දඬුවම ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විසින් ගෙන ඇති තීරණය දැනටමත් ශ්‍රි ලංකාවේ සිටින යුරෝපා සංගමයේ නියෝජිතයින් විසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් විරෝධය ප්‍රකාශ කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අනෙකුත් වගකිව යුත්තන්ගේ අවධානය යොමුකොට ඇති නිසා ඔවුන්ගේ ප්‍රතිචාරය දක්වනු ඇතැයි අපේක්ෂා කරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

පුරා වසර 40 ක කාලයක් මුළුල්ලේ ලංකාව තුළ අක්‍රියව පැවති මරණ දණ්ඩනය යළි ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය අපේක්ෂා කරන බවට මහජනතාව අතර වන මතය පිළිබඳ සිය කනස්සල්ල පළ කරන බවත් සෑම අවස්ථාවකදීම මරණ දණ්ඩනයට පැහැදිළි ලෙසම තව රටවල් විරුද්ධ වන බවත් යුරෝපා නියෝජිතයන් විසින් නිකුත් කරන ලද නිවේදනයේ දැක්වේ.

මේ අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යවමින් මරණ දඬුවම නැවත ක්‍රියාත්මක කිරීමේ තීරණය අහෝසි කරන ලෙස ඉල්ලා ඇති අතර ප්‍රජාතන්ත්‍රවාදී මාවතකට පිවිසීම පිළිබඳව ශ්‍රී ලංකාව අත්කර ගත් ජාත්‍යන්තර කීර්තිය මරණ දඬුවම නැවත ක්‍රියාත්මක කිරීම වැනි ප්‍රතිපත්ති තුළින් පසුබෑමකට ලක්විය හැකි බවද පෙන්වා දී ඇත. ශ්‍රී ලංකා රජය, යුරෝපා සංගම් නියෝජිතයන් සමග සුහදශීලීව කටයුතු කරන බවත් තමන් විසින් ඉදිරිපත් කරන ලද නිවේදනය සම්බන්ධයෙන් ප්‍රතිචාර දැකිවීමට ශ්‍රී ලංකා රජය අපොහොසත් වුවහොත් ඒ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය පිළිබඳ දැන්ම පැවසිය නොහැකි බවත් යුරෝපා සංගම් ශ්‍රී ලංකා කාර්යාලයේ පෝල් ගොඩ්ෆ්‍රි මහතා පැවසීය.
රාවය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න