ගෝඨාභය තවත් නඩුවක් මඟහරි !

ගෝඨාභය තවත් නඩුවක් මඟහරි !

වීරකැටිය - මැදමුලන - ඞී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී සිදුවූවායැයි කියන මුදල් අවභාවිතය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුලූ 7 දෙනෙකුට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ තිබෙන නඩුවට ගෝඨාභය පැමිණ නැති බව දැනගන්නට ඇත.

ඒ හේතුවෙන් ඔවුන් හත් දෙනාට  ලබන සැප්තැම්බර් 7 වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම්දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා නියෝග කර ඇත.

ඒ අදාළ නඩුව අද (20) කැඳවූ අවස්ථාවේය.

අදාළ නියෝගය ලබාදෙමින් මහේස්ත්‍රාත්වරිය ඔවුන් 7 දෙනා ඊට අදාළව සැකකරුවන් ලෙස ද නම් කර තිබේ.

මෙම නඩුවට අදාළ චෝදනාව වී ඇත්තේ මහින්ද රාජපක්ෂ පාලන  සමයේ ආරක්ෂක හා නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් තමන් යටතේ පාලනය වූ ශ්‍රී ලංකා පහත්බිම් ගොඩ කිරීමේ සංවර්ධන මණ්ඩලයේ  මුදල් රුපියල් මිලියන 33.9 ක පමණ මුදලක් යොදවා ඞී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකරවීමය.

එසේම ඒ ඉදිකිරීම කටයුතු සිදුකරගෙන ඇත්තේ නාවුක හමුදාව යොදවා වන අතර එම ශ්‍රමයද එක්වූ කළ එම අගය  රුපියල් මිලියන 90 ක් පමණ වන බවටද තක්සේරුව ඇත. 

පසුගිය ජුනි මස 25 වනදා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණ ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් අවභාවිත කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පැය 3 කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න