වික්‍රමාන්විත සංචාරක කර්මාන්තය නංවන්න වැඩපිළිවෙලක් !

වික්‍රමාන්විත සංචාරක කර්මාන්තය නංවන්න වැඩපිළිවෙලක් !

ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීමේ ජාතික සැලැස්මෙහි කොටසක් ලෙස, ශ්‍රී ලංකාව තුළ නැගී එන ක්ෂේත්‍රයක් ලෙස, වික්‍රමාන්විත සංචාරක කර්මාන්තය  ප්‍රමිතිකරණය කිරීම සහ සංවර්ධනය කිරීම සඳහා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යoශය සහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය (PDO) සහයෝගය ලබා දෙමින් සිටී

 මෙම වැඩපිළිවෙළ යටතේ සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන්ගේ සහාය ඇතිව, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA), තෘතියික අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභා‍‍ව (TVEC) සහ ශ්‍රී ලංකා සoචාරක හෝටල් කළමනාකරණ ආයතනය (SLITHM) විසින් ජාතික ශිල්පීය ප්‍රමිත (NCS) සහ ජාතික විෂය නිර්දේශයන් (NVQ Level 4) පහත සදහන් වික්‍රමාන්විත වෘත්තීන් සඳහා සකස් කර ඇත.

  1. ජල බෝට්ටු මෙහෙයුම්කරු (පැඩ්ලින් බෝට්ටු)
    2. ජල බෝට්ටු මෙහෙයුම්කරු (පුද්ගලික බෝට්ටු)
    3. මංපෙත්කරුවා
    4. භූමි පාලක නියෝජිත (ග්‍රවුන්ඩ් කොන්ට්‍රෝල් ඒජන්ට්)
    5. පැරෂුට් රිගර්
     
    මෙම නව විෂය නිර්දේශයන් යටතේ පළමු කණ්ඩායම ලෙස  මංපෙත්කරුවා සහ පැරෂුට් රිගර් සදහා වන අධ්‍යයන කටයුතු 2018 ජූලි මස අවසානයේ දී ශ්‍රී ලංකා සංචාරක  හෝටල් කළමනාකරණ ආයතනයේ දී ආරම්භ කිරීමට නියමිත ය. එමෙන්ම, අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය මෙම විෂය පථය සම්බන්ධව උනන්දුවක් දක්වන සියලුම පාර්ශවකරුවන්ගෙන් ශ්‍රී ලංකා සංචාරක  හෝටල් කළමනාකරණ ආයතනය සමග ලියාපදිංචි වන ලෙස  ඉල්ලා සිටී.
     
    එමෙන්ම, අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය විසින් ශ්‍රී ලංකා සංචාරක හෝටල් කළමනාකරණ ආයතනය සමග වික්‍රමාන්විත සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන්ගේ පූර්ණ සහභාගිත්වය ඇතුව උපදේශන කමිටුවක් ස්ථාපිත කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කරන ලද අතර ඒ තුළින් වික්‍රමාන්විත සංචාරක ක්ෂේත්‍රය අධීක්ෂණය කිරීම, ප්‍රමිතිකරණය, පුළුල් කිරීම සහ වික්‍රමාන්විත සංචාරක ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන්ගේ නිපුණතා හා දැනුම සංවර්ධනය සදහා කටයුතු කිරීම අරමුණ වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න