බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන්ට අල්ලස්දීම ගැන විශේෂ විමර්ශනයක් !

බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන්ට අල්ලස්දීම ගැන විශේෂ විමර්ශනයක් !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයේ දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉයන් පේස්ලි හා තවත් මන්ත්‍රීවරුන් සිව් දෙනකුට මුදල් ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විසින් විශේෂ විමර්ශනයක් සිදුකළ යුතු බව මැති ඇමැතිවරු කිහිපදෙනෙකුම පසුගියදා  පාර්ලිමේන්තුවේ දී අවධාරණය කර ඇති බව වාර්තා වෙයි.

එහිදී ඔවුන් පෙන්වාදී ඇත්තේ  ඉයන් පේස්ලි මහතාට පවුම් දෙලක්ෂ තිස් දෙදහසක මුදලක් ලබා දී ඇති බවට දැනටමත් තහවුරු වී ඇති බැවින් මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට පමණක් නොව එවකට බ්‍රිතාන්‍ය තානාපති ක්‍රිස් නෝනිස්, විදේශ කටයුතු ඇමැති ජී එල් පීරිස් යන මහත්වරුන්ගෙන් ද විමසිය යුතු බවය.

එසේම  මෙවැනි සිදුවීම් හේතුවෙන් ලංකාවේ ප්‍රතිරූපය විනාශ වී ඇති බවත් ශ්‍රී ලංකාවේ කීර්ති නාමය විනාශ කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිළිතුරක් ලබාදිය යුතු බවත් ඔවුන් සඳහන් කර ඇත.

තවද  මුදල් හා අල්ලස් ලබා දී එක් එක් මන්ත්‍රීවරුන් බිලිබා ගන්නා සේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අල්ලස් ලබා දී බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතාගේ සහය ලබාගැනිමට උත්සාහ කර ලංකාවට අපකීර්තියක් එක් කර ඇති බවත්  දකුණු අප්‍රිකාව, ස්වාසිලන්තය වැනි රටවල් සහාය ලබාගෙන ඇත්තේද මේ ආකාරයටදැයි යන සැකය ඇතිවන බවත් එහිදී ඔවුන් ප්‍රශ්න කර තිබෙන බවද වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න