කාබනික වගාවේ යෙදෙන ගොවීන්ට පොහොර සහනාධාරය වෙනුවට මුදල් ප්‍රතිපාදන

කාබනික වගාවේ යෙදෙන ගොවීන්ට පොහොර සහනාධාරය වෙනුවට මුදල් ප්‍රතිපාදන

වස විසෙන් තොර කාබනික වගාව ව්‍යාප්ත කිරීම සඳහා කාබනික වගාවේ යෙදෙන ගොවීන්ට පොහොර සහනාධාරය වෙනුවට මුදල් ප්‍රතිපාදන ලබාදීමට රජය තීරණය කර තිබෙන බව  කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ  ඊයේ  (20) අගුණුකොළපැලැස්ස තණකුඹුරුයායේ කාබනික වී වගාව නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමින්ය.

වස විසෙන් තොර කාබනික ගොවිතැන ශක්තිමත් කිරීම රජයේ මූලික අරමුණ බවත්  ඒ සඳහා වත්මන් රජය ප්‍රමුඛත්වය ලබාදෙන අතර  ඒ අනුව අප රටේ ගොවීන්ට රසායනික පොහොර සඳහා සහනාධාර වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා මෙන්ම කාබනික වගාවේ යෙදෙන ගොවීන්ටත් පො‍හොර සහනාධාරය වෙනුවට මුදල් ප්‍රතිපාදන ලබාදීමට රජය තීරණය කර ඇතැයිද අමාත්‍යවරයා පවසා ඇත.

මේ වන විට අප රටේ කාබනික වී ගොවිතැනේ නිරත වන ගොවීන් ප්‍රමාණය 5000 ඉක්මවන බවත්  කාබනික ගොවිතැන සඳහා තමන්ද  සාමාජිකත්වය ලබාගෙන තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළ අතර  ඒ අනුව තම කුඹුරුයායේ ද කාබනික වී ගොවිතැන ආරම්භ කළ බවද සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න