ආනයන - අපනයන පාලකවරයා අල්ලස් දැලේ !

ආනයන - අපනයන පාලකවරයා අල්ලස් දැලේ !

අල්ලස් ලබාගැනීමේ චෝදනාව යටතේ  අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගත් ආනයන හා අපනයන දෙපාර්තමේන්තුවේ ආනයන - අපනයන පාලකවරයා ජුලි මස 30 වන දින දක්වා රිමාන්ඩ් බාරට පත්කර තිබේ.

අවුරුදු 10ක් පමණ පැරණි වාහන දෙකක් නීත්‍යානුකූල ලෙස ජපානයෙන් ගෙන්වාගැනීම සඳහා අවශ්‍ය නිර්දේශ ඇතුළත් වාර්තාවක් ලබාදීම සඳහා වැලිගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බව සඳහන්ය.

එම වාර්තාව ලබාදීම සඳහා අදාළ ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂ දෙකක අල්ලසක් ඉල්ලා ඇති අතර පන්නිපිටිය - තලවතුගොඩ ප්‍රදේශයේදී අල්ලස් මුදල ලබාගන්නා අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂ ප්‍රියන්ත චන්ද්‍රසිරි  සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න