නිව්යෝර්ක් ටයිම්ස් අනාවරණය ගැන විවාද පැවැත්වීම සුදුසු නෑ - මහින්ද

නිව්යෝර්ක් ටයිම්ස් අනාවරණය ගැන විවාද පැවැත්වීම සුදුසු නෑ - මහින්ද

'නිව්යෝර්ක් ටයිම්ස්' පුවත්පත තමාට එල්ල කරන ලද චෝදනාව කරළියට පැමිණියේ මීට වසර තුනකට ඉහතදී බවත් එම චෝදනාව විමර්ශනය කිරීමට වත්මන් ආණ්ඩුවට ඕනෑ තරම් කාලයක් තිබුණු අතර මහජන මුදල් වැය කරමින් ගණපූරණයක් පවා නොමැතිව ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ විවාද පැවැත්වීම නුසුදුසු ක්‍රියාවක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කර ඇත.

ඒ ඉරිදා පුවත්පතකට ප්‍රකාශයක් ලබාදෙමින්ය.

පාර්ලිමේන්තුව තුළ මෙවැනි වාද විවාද පවත්වනවාට වඩා රටේ අහිංසක මහජනතාව වෙනුවෙන් කළ යුතු වැඩ බොහෝමයක් වත්මන් ආණ්ඩුවට ඇති බවත් මෙවැනි චෝදනා අසත්‍ය බව රටේ මහජනතාව හොඳාකාරව ඔප්පු කර ඇති බවත් හිටපු ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න