"දිවයින" පල්බොරු නිව්ස් : යළිත් මාට්ටු

"දිවයින" පල්බොරු නිව්ස් : යළිත් මාට්ටු

හමුදා කඳවුරු ඉවත් කිරීම සම්බන්ධයෙන් දැනට කිසිඳු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඊයේ (21) යාපනයේ පැවති උත්සවයකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

හමුදා කඳවුරු දින 45 ක් ඇතුළත ඉවත් කරන ලෙස නියෝගයක් ලැබී ඇති බවට (ඉරිදා දිවයින)  පුවත් පත්වල පලවූ වාර්තා අසත්‍ය බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

තමා මේ සම්බන්ධයෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගෙන් විමසූ බවත් ඔහු එවැනි නියෝගයක් ලබාදී නොමැති බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.

පසුගියදා හමුදාපතිවරයා මුණගැසුනු මොහොතේදී ජනතාවට උතුරේ ඉඩම් ලබාදෙන බවත් කඳවුරු එලෙසින්ම තිබෙන බව හමුදාපතිවරයා ප්‍රකාශ කළ බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.

එසේ හමුදා කඳවුරු වැසීමක් සිදු නොකරන බව නැවත තමා කළ විමසීමකදී හමුදාපතිවරයා පැවසූ බව අග්‍රමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එසේම මේ සම්බන්ධයෙන් යාපනය අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් හෙට්ටිආරච්චි මහතාගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේද එවැන්නක් සිදු නොවන බව යැයි අග්‍රමාත්‍යවරයා පැවසීය.

රටේ ප්‍රශ්න මේ වන විට විසඳමින් සිටින බවත් සමහර ගැටළු සම්බන්ධයෙන් ආණ්ඩුව කල් ලබාගෙන තිබෙන බවත් එය ආණ්ඩුවේ අඩුපාඩුවක් බව ඇග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න