කිළිනොච්චියටත්  ගම්පෙරළිය

කිළිනොච්චියටත්  ගම්පෙරළිය

"ගම්පෙරළිය" වැඩසටහන කිලිනොච්චි දිස්ත්‍රික්කය තුළ ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) වන දින කිලිනොච්චිය, ඉරණමඩු හන්දියේදී පැවැත්විණි.

එහිදී  " ගම්පෙරළිය" වැඩසටහන කිලිනොච්චි දිස්ත්‍රික්කය තුළ ආරම්භ කිරීම සංකේතවත් කරමින් එහිදී  කිලිනොච්චිය ගොවීන්ගේ ධාන්‍ය සුරැකුම් මධ්‍යස්ථානය විවෘත කිරීමටද අග්‍රාමාත්‍යවරයා සිදුකළේය.

රුපියල් මිලියන 200 කට අධික මුදලක් මේ සඳහා රජය වැයකර ඇති අතර ප්‍රදේශයේ ගොවියන් 1000 කට ආසන්න ප්‍රමාණයක ධාන්‍ය මෙහි ගබඩාකර ආරක්ෂා කරගැනීමට හැකි බවත් ඒ හරහා ගොවියන්ට  අතරමැදියන්ගේ අනවශ්‍ය සුරාකෑමට ලක්වීමේ අවධානමෙන් මිදීමට අවස්ථාව සැළසේ.

මෙම අවස්ථාවට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර,  මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිසාඩ් බදියුදීන්, පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේස්වරන් යන මහත්ම මහත්මීන් ප්‍රමුඛ පළාත් සභා, ප්‍රාදේශීය සභා නියෝජිතයින් සහ  රාජ්‍ය නිලධාරීහු ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගිවී සිටියහ.{gallery}kilinochchi-gamperaliya{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න