බුද්ධි අංශ තොරතුරු හැංගීමේ උත්සාහයක: සන්ධ්‍යා

බුද්ධි අංශ තොරතුරු හැංගීමේ උත්සාහයක: සන්ධ්‍යා

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් කිරීමේ නඩුවේදී අධිකරණයට තොරතුරු සඟවන හමුදා බුද්ධි අංශය එම තොරතුරු සැඟවීම ගැන මාධ්‍යයට හෙළිවීම වැළැක්වීමේ උත්සාහයක නිරත වන බව සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය පවසයි.

පසුගිය ජූලි 17 වන බ්‍රහස්පතින්දා මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍රයේ දී මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළේය.

පසුගිය ජූලි 6 වෙනිදා හමුදා බුද්ධි අධ්‍යක්ෂවරයා අධිකරණයට කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත. එහිදී හමුදා බුද්ධි අංශය වෙනුවෙන් පෙනීසිටින නීතිඥයන් ඉල්ලා සිටියේ මෙම නඩුව විවෘත අධිකරණයේදී විභාග කිරීම වෙනුවට මහේස්ත්‍රාත්වරයාගේ නිල කාමරයේ විභාග කරන ලෙසයි.

එම ඉල්ලීමට හේතු වශයෙන් අදාළ නීතිඥයන් සඳහන් කර ඇත්තේ මෙම නඩුව විවෘත අධිකරණයේ විභාග වීම හමුදා නිලධාරීන්ගේ ජීවිතවලට තර්ජනයක් බවයි. මේ කතාව පිටුපස ඇති සැබෑ අරමුණ අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදීමට නියමිත තොරතුරු වසන් කිරීමටත්, එය මාධ්‍ය විසින් වාර්තා කිරීම වැළැක්වීමත්ය යන්න සන්ධ්‍යා එක්නැලිගොඩගේ අදහසය.

(අනිද්දා)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න