දූෂණ විරෝධී මහාධිකරණ වල පමාවක් නෑ - අජිත් පී. පෙරේරා

දූෂණ විරෝධී මහාධිකරණ වල පමාවක් නෑ - අජිත් පී. පෙරේරා

දූෂණ විරෝධී මහාධිකරණ පද්ධතියේ  අංක එක අධිකරණය පිහිටුවීම සඳහා මේ වන විට සියළු කටයුතු සූදානම් කර තිබෙන බවත්, ඊට අදාළ ගොඩනැගිල්ල සහ විනිසුරුවරුන් පත් කිරීම අවසන් වී ඇති බැවින් එළඹෙන සතියේදී එහි කටයුතු ආරම්භ කළ හැකි බවත්  දූෂණ විරෝධී නීතිමය කටයුතු පිළිබද පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටුවේ සාමාජික, රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා පවසයි.

දූෂණ සහ මූල්‍ය අපරාධ නඩු විභාග කිරීම සඳහා පිහිටුවනු ලබන විශේෂ මහාධිකරණය ක්‍රියාත්මක වීමට තවත් මාසයක් පමණ ගත විය හැකි බවට මාධ්‍ය වාර්තා පළ වී තිබිණ.

අධිවේගයෙන් දින කිහිපයක් තුළදී නඩු අසා දඬුවම් දෙන විශේෂ මහාධිකරණ පිහිටුවීමත් බාලගිරි දෝෂයක් බවත්,  එය අද නොව හෙට සිදුවන්නක් බවත් අද අද වෙතැයි රජයේ මාධ්‍ය ලොකු ප්‍රසිද්ධියක් ලබා දුන්නද ඒ බලාපොරොත්තුවත් පුස්ස බින්ද ගාණක් බවත් මේ සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තාවල සඳහන් විය.

කෙසේ වෙතත්, දූෂණ විරෝධී මහාධිකරණ අංක එක අධිකරණය පිහිටුවීම සඳහා සියළු කටයුතු සූදානම් බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා කියා සිටියි.

අල්ලස්, සාපරාධී විශ්වාසය කඩ කිරීම, මූල්‍ය අපහරණය, මූල්‍ය විශුද්ධිකරණය, ත්‍රස්තවාදී කටයුතු සඳහා මුදල් යෙදවීම, සංවිධානාත්මක අපරාධ සහ මහජන දේපළ අවභාවිතයට අදාළ පැමිණිලි විභාග කිරීම සඳහා මෙම විශේෂ මහාධිකරණ පිහිටුවීමට පියවර ගෙන ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න