Language Switcher

V2025

දියවැඩියාව පාලනය කරන නව වී ප්‍රභේදයක් !

දියවැඩියාව වැළැක්වීමට ඉවහල්වන වී ප්‍රභේදයක් හඳුන්වා දීමට අම්බලන්තොට වී පර්යේෂණායතනය පියවර  ගෙන ඇති බව වාර්තා වන අතර ඒ හඳුන්වාදී ඇත්තේ  “නීරෝගා” නමින්ය.

වාර්තා වන ආකාරයට මෙම වී වලින් සකස් කෙරෙන සහල්වල අඩංගුවන අවම කාබෝහයිඩ්‍රේට් නිසා රුධිරයේ සීනි ප්‍රමාණය අවම වෙයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පසුගියදා ( 21) අම්බලන්තොට වී පර්යේෂණායතනයේ දැනට පර්යේෂණ සිදු කෙරෙන වී වගාව නිරීක්ෂණය කරන අවස්ථා‍වේ එම නිලධාරීන් මේ බව අනාවරණය කර තිබේ. ලංකාවේ ජනතාව වැඩිපුර බත් ආහාරය වශයෙන් ගැනීම සිරුරේ සීනි ප්‍රතිශතය ඉහළ යාම කෙරෙහි බලපානු ලබයි.

ඊට ප්‍රතිකර්මයක් වශයෙන් නව වී ප්‍රභේදයක් හඳුන්වාදීම සඳහා කළ පර්යේෂණ මේ වනවිට ඉතාමත් සාර්ථක ඇත.


මේ අවස්ථාවේ අමාත්‍යවරයා නිරෝගා වී ප්‍රභේදය වගා කර ඇති කුඹුරු යාය පරීක්ෂාකර තිබේ. දියවැඩියා රෝගය මේ වනවිට සමස්ත ලෝකයටම බරපතල තර්ජනයක් එල්ල කර ඇති අතර දියවැඩියා රෝගය සැළකෙන්නේ සියලු රෝගවල මව 'Mother of all Diseases'  ලෙසයි.

වර්තමානයේ ලංකාවේ  සෑම හතර දෙනෙකුගෙන්ම එක් අයෙකුම දියවැඩියා රෝගයෙන් පෙළෙති. එම නිසා මෙම වී වර්ගය ව්‍යාපාරික මට්ටමින් වගා කර එම සහල් විදේශ රටවලට පවා අපනයනය කිරීමට හැකි වන පරිදි අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර එහිදී ප්‍රකාශකර ඇත.