පොහොට්ටු අපේක්ෂිකාවගේ සැමියා පහර දී පාසල් සිසුවෙකු රෝහලේ !

පොහොට්ටු අපේක්ෂිකාවගේ සැමියා පහර දී පාසල් සිසුවෙකු රෝහලේ !

වෑබඩ විද්‍යාදීප මහා විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගනුම ලබමින් සිටි සිසුවෙකුට පසුගිය පළාත් පාලන මැතිවරණයේදී වෑබඩ බටහිර කොට්ඨාසයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් ඉදිරිපත් වූ අපේක්ෂිකාවකගේ ස්වාමිපුරුෂයෙකු ඇතුලු තිදෙනෙකු විසින් පහර දී තිබේ.

මෙම පහරදීම පෙරේදා (30) දින සිදුව ඇති අතර මේ දක්වා පහර දීමට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නොමැති බව සිසුවාගේ දෙමව්පියන් වැලිවේරිය පොලීසියට චෝදනා කර සිටියි.

පහර කෑමට ලක්වූ සිසුවා තුවාල ලබා ගම්පහ රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කළද නිසි සුවයක් නොලබා ඉන් මුදා හැර ඇත. ඊයේ(31)  දින නැවතත් අදාල සිසුවා රාගම රෝහලට ඇතුලත්කර තිබේ.

පහර කෑමට ලක් වූ පාසල් සිසුවාගේ දෙමව්පියන් පවසන්නේ දේශපාලන මැදිහත්වීම් මත පහර දීමට සම්බන්ධ පුද්ගලයන්ට නිසි පරිදි නීතිය ක්‍රියාත්මක නොවන බවයි.

පළාත් පාලන ආයතන රාශියක් බලය අත්පත් කරගත් පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරුන් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් මෙන්ම හිතවතුන් මේ වනවිට රාජපක්ෂ පාලනයේ දී කටයුතු අකාරයටම ගම මට්ටමින් නීතිය අතර ගෙන ක්‍රියාත්මක වෙන බවට දිනෙන්දින වාර්තා පළවේ. ඉහත පුවත ඊට ආසන්නම සිදුවීමයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න