වෛද්‍යවරුන් වැඩ වර්ජන කිරීම නීති විරෝධීයි - මහාචාර්ය කොල්වින් 

වෛද්‍යවරුන් වැඩ වර්ජන කිරීම නීති විරෝධීයි - මහාචාර්ය කොල්වින් 

වෛද්‍යවරුන් වැඩ වර්ජනය කිරීම නීති විරෝධී කටයුත්තක් බවත් තමන් එය තරයේ ප්‍රතික්ෂේප කරන්නක් බවත් පසුගියදා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වූ මහාචාර්ය කොල්වින් ගුණරත්න  පවසයි.

වසර 80කට වඩා පැරණි “ශ්‍රී ලංකා වෛද්‍ය සභා පනත සංශෝධනය කිරීමේ කාලීන අවශ්‍යතාව ඉටුකර ගැනීමට නොහැකි වීම තම ඉල්ලා අස්වීමට හේතුව බවත් ඒ සඳහා පෞද්ගලික හෝ දේශපාලන හෝ හේතු නොතිබූ බවත්  මහාචාර්ය කොල්වින් ගුණරත්න  කියා සිටියි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට රෝගීන් ආරක්ෂා කිරීම සඳහා වෛද්‍ය ආඥා පනතෙන් නෛතික ප්‍රතිපාදන තිබුණත් එමගින් ආරක්ෂා වන්නේ වෛද්‍යවරුන් පමණක් බව ද ඔහු පවසයි.

ඔහු මෙම අදහස් දැක්වීම සිදුකර සිටියේ  ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිධුරයෙන් තමා ඉල්ලා අස්වීමට හේතු වූ කරුණු පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරිම සඳහා ඊයේ (03) කැඳවා තිබු ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න